මිනිස් කි‍්‍රයාකාරකම් හේතුවෙන් නිල්වලා ගගේ ජලය ශ්රීඝ්රයෙන් දුෂණය විමට පටන්ගෙන ඇති බව රුහුණු විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එච් .බි අශාන්ති මහත්මිය පවසයි .
රුහුණු විශ්ව විද්‍යාලය සහ ජාතික ජල සම්පාදන මණ්ඩලය එක්ව වසර ගණනාවක් සිදුකරන ලද පරික්ෂණ වලින් මෙය අනාවරණය කරගෙන තිබේ.
මේ සම්බන්ධව රුහුණු විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එච්. බි අශාන්ති මහත්මිය මෙසේ පැවසුවාය.
"නිල්වලා ගගේ ඉහළ කොටසේ සිට විවිධ ප්‍රදේශ වලින් සහ විවිධ ස්ථාන වලින් ගගේ ජලයට අපද්‍රව්‍ය එකතුවෙන එක වැඩිවෙලා තියෙනවා . විශේෂයෙන් 2012 වසරේ මාතර , තොටුමුණ ප්‍රදේශයේ ජල සාම්පල් වල මල අපද්‍රව්‍ය සමග කෝලි ආකාර බැක්ටිරියාව වැ ඩිවිමක් දක්නට ලැබුනා .
ඒ තත්ත්වය තවත් වැඩිවෙනවා . ඒ වගේම පිරිපහදුව සඳහා ජලය ලබා ගන්නා බලකාවල ප්‍රදේශයේ ජල සාම්පල් පරික්ෂා කිරිමේදි කොපරි කියන බැරලෝහය වැඩි සංයුතියක් සහිත බව අනාවරණය වුනා . දැනට තිබෙන පරිපහදු කි‍්‍රයාවලියට අනුව බැරලෝහ ඉවත් කිරිමේ විශේෂ ක්‍රමවේදයක් නැහැ" යැයි පැවසිය .
ජාතික ජල සම්පාදන මණ්ඩලයේ මාතර දිස්ති‍්‍රක් කළමනාකරු එස් කේ සමන්ත කුමාර මහතාගෙන් කළ විමසිමකදි මෙසේ පැවසිය.
"මාතර නගරයේ හාරලක්ෂයකට ආසන්න ජනතාව සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ග්‍රාමසේවා වසම් 25ක ජනතාවට නිල්වලා ගගෙන් පානිය ජලය සපයනු ලබනවා . නාදුගල , කද්දුව, බලකාවල යන ස්ථානවලින් ලබාගන්නා ජලය නාදුගල හා මාලිම්බඩ යන පිරිපහදු අංගණවලින් පිරිපහදු කර මාතර හා ඒ අවට ජනතාවගේ පානිය ජල අවශ්‍යතා සම්පුර්ණ කරනවා .
අකුරැස්ස නගරයේ සමිපයෙන් නිල්වලා ගඟ පිහිටිම නිසා එම ප්‍රදේ ශයෙන් අපද්‍රව්‍ය ගඟට එකතු වෙනවා . මේ නිසා පිරිපහදුවට අධික පිරිවැයක් දැරිමට සිදුවෙනවා . ඒ වගේම මාතර මහා රෝහලේ පල්දෝරු පද්ධතිය , මාතර බන්ධනගාරයේ වැසිකිළි පද්ධතිය ඇතුළු මාතර , දෙණියාය , අකුරැස්ස , කඹුරුපිටිය යන ප්‍රදේශවල නාගරික අපද්‍රව්‍ය වැසිකිළි අපද්‍රව්‍ය නිල්වලා ගඟට මුදාහරින බව මිට පෙර අවස්ථා ගණනාවකින් වාර්තා වුනා" යැයි ඒ මහතා වැඩිදුරටත් පැවසිය.