නෙලුව - ලංකාගම මාර්ගය ඉදිකිරීමේදී පාරිසරික සංවේදි කලාපය තුල පිහිටි කිලෝ මීටර් 1.1ක කොටස තුළ කිසිඳු ඉදිකිරීමක් නොකරන බව මහා මාර්ග අමාත්‍යාංශය පවසයි.
පරිසරයට හානිවන පරිදි මෙම මාර්ගය තැනීම සිදු නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වනජීවී හා වන සම්පත් අමාත්‍යවරයාට උපදෙස් දී තිබේ.
මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසන්නේ පාරිසරික සංවේදී කලාපයේ ඉදිකිරීමක් ඉදිරියේදී හෝ සිදු නොකරන බවයි.
නෙලුව සිට ලංකාගම දක්වා කිලෝමීටර් 18ක දිගින් යුක්තව මෙම මාර්ගය සංවර්ධනය කරයි.