නොර්වුඩ් පොලිස් වසමට අයත් පොට්රි තේ වතුයායේ විශාල පරිසර හානියක් සිදු කරමින් මැණික් ජාවාරම්කරුවන් පිරිසක් අනවසර මැණික් ගැරිමක නිරතව සිටින බව එම වතුයායේ වතු කම්කරුවන් පවසයි.
කාසල්රි ජලාශයට ප්රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයට තම වතුයායේ සිට ජලය ගලා බසිනා ඇළ මාර්ගයක් අසල පිහිටි තෙත් බිම් කලාපයක රාත්රි කාලයේ විශාල පිරිසක් එක් වි අනවසර මැණික් ගැරිමේ ජවාරමේ නිරතව සිටින බවයි වතු කම්කරුවන් පවසන්නේ.
විශාල වලවල් හාරා වලවල් තුළ තිබෙන විශාල ගල් පර්වත ගල්බොර දමා පුපුරවා හැර අනවසර මැණික් ගැරිම සිදු කරන බවත්, නොර්වුඩ් සහ බගවන්තලාව නගර වල මැණික් ජාවාරම්කරුවන් විසින් මෙම අනවසර මැණික් ගැරිම නොර්වුඩ් පොලීසියේ ඇතැම් නිලධාරින්ගේ සහයෝගය මත සිදු කරන බවයි වතු කම්කරුවන් කියා සිටින්නේ.
පොට්රි වතුයායේ සිට කෙසෙල්ගමුඔයට ජලය ගලා බසිනා ඇළ මාර්ගය අභියස මැණික් ඉල්ලම් බහුලව තිබිම හේතුවෙන් රාත්රි කාලයේ කම්කරුවන් 25ත් 30 අතර ප්රමණයක් යොදා ගනිමින් මෙම අනවසර මැණික් ගැරිම සිදු කරන බවද වතු කම්කරුවන් කියා සිටියි.
තම වතුයාය තුළ අනවසර මැණික් ගැරිමට පොට්රි වතුයායේම වතු කම්කරුවන් කිහිප දෙනෙකු සම්බන්ධ කරගනිමින් මෙම අනවසර මැණික් ගැරිම සිදු කරන නිසා පොට්රි වතුයායේ වතු කම්කරු පවුල් අතර ගැටුම්කාරි තත්ත්වයක් පවා ඇති වි ඇති බව එම අනවසර මැණික් ගැරිමට විරුද්ධ වතු කම්කරුවන් කියා සිටියි.