තාවකාලිකව වසා දමා ඇති හැටන් නොර්වුඩ් දමිළ මහා විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ සහ සිසු සිසුවියන් 160 දෙනෙකු ඉලක්ක කර සිදු කල පි.සි.ආර් පරික්ෂණ වාර්තාව අනුව එම 160 දෙනාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි නොමැති බවට අද දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු බව මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඩි.චන්ද්‍රරාජන් මහතා පැවසිය.
හැටන් කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන හැටන් නොර්වුඩ් දමිළ මහා විද්‍යාලයේ ගුරුවරියකට සහ ඇගේ දරුවන් දෙදෙනාට කොවිඩ් 19 වෛරසය අසාදනය විම නිසා එම පාසල ඉකුත් (07) දින සිට තාවකාලිකව වසා දැමිමට සෞඛ්‍ය අංශ සහ හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක එස්.ශ්‍රිදරන් මහතා කටයුතු කර තිබුණි.
කොවිඩ් 19 වෛරසය අසාදනය වු ගුරුවරියගේ ළගම ආශ්රිත ගුරුවරුන් සහ සිසු සිසුවියන්ගෙන් මස්කෙලිය සහ අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් 160 දෙනෙකු පි.සි.ආර් පරික්ෂණයට භාජනය කර තිබුණි.
නොර්වුඩ් දමිළ මහා විද්‍යාලය ළමුන් 1500 කට ආසන්න පිරිසක් අධ්‍යාපනය ලබන අතර එහි අචාර්යය මණ්ඩලය 72 දෙනෙකුගෙන් පමණ සමන්විත වෙයි.