හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නොර්වුඩ් දමිළ මහා විද්‍යාලය තවදුරටත් තාවකාලිකව වසා දැමිමට තිරණය කල බව මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් ඩි.චන්ද්‍රරාජන් මහතා පැවසිය.
එම විදුහලේ අචාර්යය මණ්ඩලයේ ගුරුවරියකට සහ ඇයගේ දරුවන් දෙදෙනාට කොවිඩ් 19 වෛරසය අසාදනය විම නිසා එම විදුහල (07) දින සිට තාවකාලිකව වසා දමා ආසාදිත ගුරුවරියගේ ළගම ආශ්රිත ගුරුවරුන් සහ සිසු සිසුවියන්ගේ සිදු කල පි.සි.ආර් පරික්ෂණය අනුව එම විදුහලේ 9 වසරේ අධ්‍යාපනය ලබන නොර්වුඩ් වෙන්චර් වත්තේ පදිංචි සිසුවෙකුට සහ සිසුවියකට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට ඊයේ දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු විමෙන් පසු එම සිසුන් දෙදෙනා නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමට බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් කටයුතු කරනු ලැබුහ.
මේ අතර නොර්වුඩ් ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය වු සිසුන් දෙදෙනෙකු හමුවිමත් සමග නොර්වුඩ් අවට වතු පාසල් වලට අද දිනයේ ළමුන්ගේ පැමිණිම අවමට මට්ටමක පවතින බව එම විදුහල්වල ගුරුවරුන් පැවසිය.