නෝර්වේහි නිවාස රැසක් විනාශය වී ගිය දැවැන්ත නායයෑමකින් පසු අතුරුදන් වූවන් සෙවීමේදී දෙවැනි මළ සිරුරක් සොයාගැනීමට හැකි වූ බව පොලීසිය නිවේදනය කරයි.
පොලිස් පරීක්ෂක රෝයි අල්ක්විස්ට් උපුටා දක්වන ප්‍රාදේශීය මාධ්‍ය කියා සිටියේ සෙනසුරාදා මළ සිරුර හමුවූ බවය. කෙසේ වෙතත් මෙම නායයෑමෙන් පුද්ගලයන් 8 දෙනෙකු අතුරුදන්ව තිබුණි.
වෙරළ තීරයකට මායිම් වූ කඳුකරයක් නායයෑමෙන් මෙම ස්වභාවික විපත සිදුව ඇති අතර, එම ප්‍රදේශයේ නිවාස රැසක් පැවති බවද ප්‍රාදේශීය මාධ්‍ය පවසයි.
පළමු මළ සිරුර සිකුරාදා ගුවන් සෝදිසි කිරීමකින් පසුව සොයාගෙන තිබුණු අතර, පොලිස් ප්‍රධානී ඉඩා මෙල්බෝ කියා සිටියේ මුදාගැනීමේ මෙහෙයුම්වලදී සොබාදහමේ බලවේග හෝ වේලාව ඔවුන්ගේ පැත්තේ නොසිටින නමුත් දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් අවසන් නොකළ බවය.