එක්සත් ජනපද උප ජනාධිපති මයික් පෙන්ස්ගේ සමීපතම සේවකයන් කිහිප දෙනෙකුම නව කොරෝනා වෛරසයට ධනාත්මකව තිබියදීත් ඔහු නිරෝධායනය නොවී ජනාධිපතිවරණ වේදිකාවට ගොඩවීම දැඩි සෞඛ්‍ය තර්ජනයක් බව එක්සත් ජනපද සෞඛ්‍ය විශේෂඥයන් පවසයි.
ජෝර්ජ් වොෂිංටන් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය හා ශල්‍ය වෛද්‍ය මහාචාර්ය වෛද්‍ය ජොනතන් රේනර් පැවසුවේ, ධවල මන්දිරය විසින් පෙන්ස් අත්‍යවශ්‍ය පුද්ගලයෙකු ලෙස හුවා දක්වා ඔහුගේ නිරෝධායන ක්‍රියාවලිය මගහැරවීම ගැටලුසහගත බවයි. එමෙන්ම අත්‍යවශ්‍ය පුද්ගලයෙකු නොවන බවත්, ඔහු නිරෝධායනය කළ යුතු බවත් වෛද්‍යවරයා අවධාරණය කරයි.
"ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත තෝරාපත් කරගැනීම ඔහුගේ ජීවිතයේ එකම මෙහෙවර හැටියට ඔහු අත්‍යවශ්‍ය පුද්ගලෙයකු ලෙස පෙනී සිටීමට උත්සාහ කළත්, අත්‍යවශ්‍ය කාර්ය මණ්ඩලය වන්නේ අපගේ දැඩි සත්කාර ඒකකයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ අපගේ එදිනෙදා ආහාරය ලබාදීමට වෙහෙසෙන ජනතාවයි." රයිනර් පැවසුවේ පෙන්ස් නිසා අනෙක් පුද්ගලයන්ද වෛරසයට නිරාවරණය වීමේ අවධානමක පසුවන බවය.
"උප ජනාධිපති ගෙදර සිටිය යුතුයි. ඔහු කවුරු වුණත් නීතිරීති අනුගමනය කළ යුතුයි. ඔහු මිනිසුන්ව අවදානමට ලක්කරනවා. ඔහු අත්‍යවශ්‍ය නැහැ." රේනර් පැවසීය.