හෝමාගම දියගම තාක්ෂණ විශ්ව විද්‍යාල නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වෙමින් සිටියදී හදිසියේ රෝගී වී ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහල මූලික රෝහලට රැගෙන යමින් සිටියදී මියගිය පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇතැයි, හෝමාගම මූලික රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය චරිත් හෙට්ටිආරච්චි මහතා පැවසීය.
දෙල්ගොඩ සියඹලාපේ අංක පදිංචි ශ්‍යාමල් සුරේන්ද්‍ර රාජපක්ෂ නැමැති (47)හැවිරිදි පුද්ගලෙයෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබුණි.
මෙම පුද්ගලයා ඉකුත් 14 දා රාත්‍රියේ ලෙබනන් රාජ්‍යයේ සිට හෘද රෝගයක් සඳහා ප්‍රතිකාර ගැනීමට මෙරටට පැමිණ හෝමාගම දියගම තාක්ෂණ විශ්ව විද්‍යාල නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිට ඇති බව පැවසේ.
පසුව ඉකුත් 15 දා ,රාත්‍රී 11.30 ට පමණ හදිසියේ ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් ගිලන් රථයකින් ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී මෙසේ මියගොස් ඇතැයි පැවසේ.
ඒ අනුව මෘත දේහය රෝහලට ලැබුනු විගස ,දේහය මුද්‍රා තබා, මෘත ශරීරාගාරයේ තැන්පත් කිරීමට රෝහල් කාර්ය මණ්ඩලය ක්‍රියා කර තිබුණි .
පසුව දේහය කොළඹ ජාතික බෝවන රෝග විද්‍යායතනය ට රැගෙන යාමෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට පෙර පී.සී.ආර් පරීක්ෂණයකට ලක් කළ අතර එහි වාර්තාවට අනුව මියගිය පුද්ගලයාට කොරෝනා වෛරසය වැළඳී නොමැති බවට තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා කීය.
මත්තෙගොඩ ශාන්ත ප්‍රදීප්