Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
අද ජනාධිපතිවරණයක් පිළිබද අනවශ්‍ය උණුසුමක් රට තුළ ඇති කර තිබෙන බවත් ඉතා ඉක්මණින් ජනාධිපතිවරණයක් ලබාදෙන බවට ඇතැමුන් ප්‍රකාශ නිකුත් කළත් නියමිත කාලයට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වීමට තමාගේ කිසිදු සූදානමක් නොමැති බවත් එසේ පවත්වනවා නම් ඒ පිළිබඳ තීරණයක් ගත හැක්කේ තමාට පමණක් බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (08දා) පෙරවරුවේ නිවිතිගල මහජන පොළ භූමියේ පැවති නිවිතිගල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම බල මණ්ඩල රැස්වීම අමතමිනි.
පොදුජන පෙරමුණත්, එක්සත් ජාතික පක්ෂයත් දේශපාලන වශයෙන් අධි තක්සේරුවකට පත්ව ඇත්නම් එය ඔවුන් වරද්දා ගන්නා තැනක් බවත් තමන් ගැන තමන් විසින්ම කුමන තක්සේරුවකට පැමිණය ද ඔවුන් කිසිවෙකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය නොමැතිව තනිව ආණ්ඩුවක් ගොඩැනැගිය නොහැකි බවද ජනපතිවරයා සඳහන් කළේය.
පුද්ගලයින් වටා ගොඩනැගෙන දේශපාලන ව්‍යාපාර තාවකාලික වන අතර රටට අවශ්‍ය වන්නේ දර්ශනයක් සහ දැක්මත් සහිත දේශපාලන ව්‍යාපාරයක් බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.
popular news
Missaka Saturday, 08 September 2018 05:30 PM
දැන් ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දර්ශනය UNP එකට හේත්තු වෙලා මුරබල්ලගේ වැඩේ කරන එකනේ!
Reply : 51 463
Deepal Nirosh Saturday, 08 September 2018 07:44 PM
නියමිත කාලයට පෙර ජනාධිපතිවරණයක් මේ රටේ කවුරුවත් ඉල්ලන්ෙන නැහැ. ජනතාවට අව්‍යශ්‍ය නියමිත දිනට ජනාධිපතිවරණය පවත්වන්නයි. ඒ වගේම මේ විධායක ජනාධිපති ක්‍රමය හා තෝරන ක්‍රමවේදය මේ ආකාරයට අඛණ්ඩව පවත්වා ගන්නයි.
Reply : 1 107
Champa Saturday, 08 September 2018 11:52 PM
ඊලඟ ජනාධිපතිවරණය දිනන්න මහින්දට ඔබ ඕනේ වෙන්නේ නැහැ. අද ශ්‍රී ලංකා එකේ ඉන්න මිනිස්සු ඔක්කොම මහින්දගේ අපේක්ෂකයා කවුරු වුනත් ඒ මිනිහට චන්දෙ දෙනවා. කාගේවත් පස්සේ යන්නේ නැතුව ඊළඟ ජනාධිපතිවරණෙ දිනන හැටි ඔබට ගෙදරට වෙලා බලා ඉන්න පුළුවන්. -- දර්ශනයක් දැක්මක් තිබුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරලා යුඑන්පි එකට බලය අරන් දීපු ඔබ දැන් කතා කරන්න්ර් හරියට මැරිලා ඉපදිලා වගේ. 2015 ජනාධිපතිවරණයේදී ඔබ ප්‍රසිද්ධියේ තමන්ගේ පක්ෂ නායකයාට සහ තමන්ගේ පක්ෂෙට විරුද්ධව වැඩ කළා. 2015 අගෝස්තු මැතිවරණයේදී ඔබ යුඑන්පි එකේ සංවස්තරයට ගිහින් පෙන්නුවා ඔබ සහයෝගය දෙන්නේ UNP එකට කියලා. ඔබ එක වචනයකින් කිව්වේ නැහැ මහා මැතිවරණයේදී UPFA එකට චන්දෙ දෙන්න කියලා. ඔබ UPFA චන්ද ව්‍යාපාරය කඩාකප්පල් කලා . එහෙම කරපු ඔබ අද දැක්මක් ගැන කතා කරනවා. බලන්න ශ්‍රී ලංකා එක නැති කරපු ඔබට අද ශ්‍රී ලංකා කාරයොත් නැහැ යුඑන්පි කාරයොත් නැහැ. ඔබ අද තනි වෙලා. ඔබ බොහෝ හිත් වේදනා දීපු, නින්ද අපහස කරපු, කරදර හිරිහැර කරපු, ඉස්ස්රහටත් එහෙම කරන්න බලා ඉන්න හිටපු ජනාධිපතිතුමාට එදාටත් වඩා මිනිස්සු අද ආදරෙයි. අද මුළු රටම බලාපොරොත්තු තියා ඉන්නේ එතුම ගැන.
Reply : 0 555
Champa Sunday, 09 September 2018 12:19 AM
ඔබ පුද්ගලයන් වටා ගොඩ නැඟෙන දේශපාලන ව්‍යාපාරය හෑල්ලු කරලා කතා කරනවා. ඔබට මිනිස්සු සලකන්නේ ඔබේ තනතුර නිසා. ඕක නැතුව පාරට බැස්ස දවසට තේරෙයි. හිටපු ජනාධිපතිතුමාට මිනිස්සු සලකන්නේ තනතුරට නෙමෙයි. පුද්ගලයෙක් විදිහට එතුමාගේ හොඳ කමට. තනතුර තිබුන, නොතිබුන මිනිස්සු එදා වගේම අදත් එතුමාට ගරු කරනවා, ආදරය කරනවා. එතුමාගේ වචනෙට පිටින් යන්නේ නැහැ. බලයේ ඉන්න කොට එතුමා දන්නෙවත් නැතුව ඇති මිනිස්සු මෙච්චර ආදරෙයි කියලා. 2015 මහමැතිවරණෙ දින්නේ එතුමා නැවත දේශපාලනයට ආපු නිසා. නැත්නම් පාර්ලිමේන්තුවේ 5/6ක්ම රනිල්ට යනව. අද ඔබ ඔහොම කතා කලාට එදා ඔබට ඕනේ වෙලා තිබුනේ පාර්ලිමේන්තුවේ සම්පූර්ණ බලය රනිල්ට අරන් දෙන්න. ඒක වැළකුණේ හිටපු ජනාධිපතිතුමා නැවත තරඟ කරපු නිසා. කවදාවත් නොකිව්වට, වෙන කිසිම ජනාධිපතිවරයෙක් නොකරන විදියට අන්තිම නිහතමානී වෙලා එතුමා මන්ත්‍රී අසුනකට තරඟ කලේ තමන් වටා හිටපු මන්ත්‍රීවරු, ඇමතිවරු, ජනතාව අතරමං කරන්න හිතක් නොතිබුණු හින්ද කියලා මම හිතනවා. අද ඔබ වටා ඉන්න හැම මිනිහම ඊළඟ ජනාධිපතිවරනේදී එතුමා ලඟට ඇවිල්ල වැඳලා සමාව ඉල්ලනවා. කොච්චර එපා කිව්වත් අහන්නේ නෑ එතුමා ඒ හැමෝටම සමාව දෙනව කියලා මම දන්නවා.
Reply : 0 223
Champa Sunday, 09 September 2018 03:17 PM
මේකට තව කෑල්ලක් එකතු කරන්න ඕනේ. හිටපු ජනාධිපතිතුමා සමාව දුන්නට ජනතාව නම් සමාව දෙන එකක් නැහැ. උදාහරණයක් විදිහට අප්පච්චි මලෝ, රාජිත සහ මත්තල විකුණන නිමල් සිරිපාලට මිනිස්සු කවදාවත් සමාව දෙන්නේ නැහැ. අනිත් නම්අ දැන් මට මතක නැහැ. ප්පච්චි මලෝව මිනිස්සු ගිය පාර පැරද්දුව. ජනමතය බල්ලට දාල පරද්දපු මිනිස්සුන්ට තනතුරු දෙන මෛත්‍රීගේ ප්‍රතිපත්තිය අනුව ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීකම සහ ඇමතිකමක් ලබා ගත්තට ආයේ ඒක වෙන්නේ නැහැ. තමන්ගේ හිටපු නායකයට මෙහෙම් කතා කරන මිනිහ ඉන්න නායකයාටත් කවද හරි කතා කරන්නේ ඔය විදිහටමයි. මහින්ද කිව්වත් මිනිස්සු ආයේ චන්දෙ දෙන්නේ නැහැ.
Reply : 0 0
සමරවීර Sunday, 09 September 2018 06:06 PM
තිස් වසරක මාරක යුද්දයක් තිබුන රටක් දියුණු වෙමින් පවතින අවදියක ඔබ ජනපති උනේ. අවරුදු තුනක් යනවිට රටෙන් බාගයක් විකුණා හමාරය්. මිනී මැරුම් රටේ සාමාන්‍ය දෙයක් වෙලා. රණ විරුවන් හිරේ දමමින් දෙමල ඩයස්පෝරාව ලංකාව පාලනය කරනවා. එබැවින් ලබන මැතිවරණයේදී ඔබට ඇප වත් නොලබා පරදිනු ඇති, කරුණාකර පිනක් දහමක් කරගෙන විශ්‍රාම ගැනීම ගැන හිතන්න. නැවත වරක් චන්දය ඉල්ලන්න හිතන්න එපා.
Reply : 0 1
kapila Sunday, 09 September 2018 11:03 PM
හා කියමු බලන්න ඔබතුමාගේ දර්ශනය සහ දැක්ම මොකක්ද කියල?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd