කොවිඩ්-19 වසංගතය හමුවේ දේශපාලන නායකයන් සෞඛ්‍ය විශේෂඥයන්ගේ හඬට කන් නොදී, ඔවුන් සමග කටයුතු නොකරන්නේ නම් එම දේශපාලනඥයන්ගේ සෞඛ්‍ය ප්‍රතිචාරයෙන් ජාතියක්, රටක් ගොඩගැනීම අසමත් යැයි එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථායේ හිටපු වැඩ බලන අධ්යක්ෂ වෛද්‍ය රිචඩ් බෙසර් අවධාරණය කරයි.
එක්සත් ජනපද අසාත්මිකතා සහ බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්යක්ෂ වෛද්‍ය ඇන්තනි ෆවුසිව ව්‍යසනයක් ලෙස හඳුන්වා ඇති ට්‍රම්ප්, ඔහු සහ අනෙකුත් සෞඛ්‍ය විශේෂඥයන් මෝඩයන් බවද පවසා තිබේ. මේ තත්ත්වය තුළ ට්‍රම්ප් ෆවුසිට එල්ල කරන ප්‍රහාර රටේ කොවිඩ්-19 සමග සටන් කිරීමට උපකාරී නොවන බව බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ මහජන සෞඛ්‍ය පාසලේ පීඨාධිපති වෛද්‍ය ආශිෂ් ජා පවසයි.
නායකයන් එවැනි දේ පැවසීම කනස්සල්ලට කරුණක් බවත්, අප සිටින්නේ ශතවර්ෂයක දරුණුතම වසංගතයක් මධ්‍යයේ බවත් වෛද්‍ය ආශිෂ් කියයි. එහිදී වෛද්‍ය ෆවුසි ඇමරිකාවේ වඩාත්ම ගෞරවයට පාත්‍ර වන බෝවන රෝග විශේෂඥයා වන්නේ ඔහු රටේ ඒ පිළිබඳ ඉහළම දැනුම ඇති පුද්ගලයා නිසා බවත්, එවැනි අයට පහරදීමෙන් රටට සෙතක් අත් නොවන බවත් වෛද්‍ය ආශිෂ් වැඩිදුරටත් කරයි.
වෛද්‍ය ඇන්තනී ෆවුසි මුල සිටම එක්සත් ජනපදයේ ජනතාවට මුඛ ආවරණ පැලඳීමේ වැදගත්කම, නිසි මහජන සෞඛ්‍ය පුරුදු ඇතිකර ගැනීම ගැන උනන්දු කරමින් කතා කළද, එරට නායක ට්‍රම්ප් මේ කරුණ අවඥාවට ලක්කරමින්, ඒවා නොසලකා හැර කටයුතු කිරීමෙන්, ඔහුගේ අනුගාමික ජනතාවද වගකීමෙන් තොරව හැසිරීමෙන් අද ලෝක බලවතාට අත්ව ඇති ඉරණම ඉතා ඛේදජනක බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.