Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
ප්රජාතන්ත්රවාදය, නිදහස සහ සමානාත්මතාවය සමග රට සංවර්ධනය කරා ගෙන යාමට රටට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
පසුගිය වසර හතර හමාරෙන්, වසර හතරක්ම කෝටි ගණන් මුදල් වැය කරමින් මැති ඇමතිවරු සහ ආණ්ඩුක්‍රම විශාරදයින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම අධ්‍යයනය කිරීමට විදේශ සංචාරවල නිතරවුව ද ඉන් රටට ලැබුණු ප්‍රතිඵලයක් නොමැති බවද ජනපතිවරයා පැවැසීය.
ඔවුන් උතුරේ ජනතාව රැවටීම සහ දකුණේ ජනතාව අතර වෛරය පැතිරවීම පමණක් සිදුකළ බවද ජනපතිවරයා කියා සිටියේය.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (30දා) පස්වරුවේ යාපනයේ මුත්තවේලි නගර සභා ක්‍රීඩාංගණයේ පැවති රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ යාපනය දිස්ත්‍රික් සමාප්ති උත්සවය අමතමිනි.
ජනාධිපතිවරණයක් ගැන කතා කළ ද මෙම වරද නිවැරදි කර ගැනීමට තවමත් පවතින ආණ්ඩුවට කාලය තිබෙන බව පැවැසූ ජනපතිවරයා 2020 බලයට පත්වන ආණ්ඩුවකට රට කරගෙන යාමට නම් එම වගකීම පවතින ආණ්ඩුව විසින් ඉටුකළයුතු බවද සඳහන් කළේය.
එම වගකීම ඉටුකිරීමට එක්වන ලෙස තමා ආණ්ඩු පක්ෂයට මෙන්ම විපක්ෂයට ද ආරාධනා කරන බවද ජනපතිවරයා පැවසීය.
පාර්ලිමේන්තුව මෙම ගැටලුව විසඳිය යුතු අතර ඊට තම උපරිම සහය ලබාදෙන බව ද ජනාධිපති කියා සිටියේය.
මෙහිදී ජනාධිපති වැඩිදුරටත් පෙන්වා දුන්නේ 19 වන සංශෝධනය හරහා අණ්ඩුක්රම ව්‍යවස්ථාවෙන් රටේ බලය තිබෙන නායකයන් තුන්දෙනෙක් නිර්මාණය කර තිබෙන බවයි. ජනාධිපතිවරයාගේ බලයෙන් කොටසක් ගෙන කොටසක් ඉතිරි කර තිබෙන අතර, අගමැතිවරයාට බලය වැඩි කර, කථානායකවරයාට තවත් බලය දී තිබෙන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.
නායකයන් තුන්දෙනෙකුට රටක් කරගෙන යා නොහැකි අතර රට අවුලට පත්වන බව ජනාධිපති සඳහන් කළේය.
popular news
Rukmal Saturday, 31 August 2019 10:20 AM
හිටන් වැදගත් කතාවක් කිව්වමද කොහේද
Reply : 8 2
gunadasa weerasekara Saturday, 31 August 2019 10:54 AM
ජනාධිපතිවරණය ඇස් පනාපිට තබා ගෙන දැන් මේ නන්දොඩාවන්නේ ඇයි?සේරම වැරදි වැඩ ටික කරලා.මෙයාටනම් කවුරුත් ආයේ චන්දෙ දෙන්නේ නැහැ .ගෙදර යන්න සුදානම් වෙන්න කරුණාකර .
Reply : 0 11
Champa Saturday, 31 August 2019 10:59 AM
මේ වගේ කතා වලට ශිෂ්ඨ භාෂාවෙන් comment එකක් ලියන්න හරි අමාරුයි. මේකට comment එක ලියන්න කේන්තිය නිමෙන කම් ඉන්න වෙනවා.
Reply : 0 2
ගමගේ Saturday, 31 August 2019 09:25 PM
ප්රශ්නය මනසින් නොදියුණු උගත්කමින් අඩු පුද්ගලයන් රටේ නායකයන් කර ගැනීම ගැන අපේ රටේ ජනතාව වගකිව යුතුයි. බත් මුලට අරක්කු වීදුරුවට නික්ම බස් වලින් දේශපාලුවන්ගේ රැලි වලට යන මොට්ට ජනතාවක් ඉන්න රටක මෙවන් මෝඩයන් වගේම, ගිය ආණ්ඩුවේ හිටපු මීනි මෝරු, කුපාඩි, කුඩු කන්ටේනර් ගෙනාපු, සුදු වැන් කාරයෝ, දළදා මාලිගාව වටේ ගණිකාවෝ එක්ක රේස් කාර් පැදපු උන්ව රටේ නායකයෝ කර ගැනීම අද වත් නතර වේවි යයි සීතා සිටිමි.
Reply : 0 25
ඇරසොයිසා Monday, 02 September 2019 07:24 AM
ගමගේ නිවැරදියි කියන්න පුළුවනි.පැරණියන් කිව්වා සමගිය බලයවේ කියල.සමගියක් ඇත්නම් තිදෙනෙකු නොව දස දෙනෙකු සිටියත් මොළයක් ඇත්නම් කලනොහැකි දෙයක් නැහැ.ලිඡ්චවි පාලනය ගැන බුදුහිමියන් දේසනාකලේ ඔවුන් අතරඇති සප්ත අපරිහානීය කරුණ දියුනට හේතුවෙනවා කියලයි.ඒකරුණවල තියෙනවා සමගිව රැස්වීම සමගිව සාකඡ්චාකිරීම වැනි කරුණු .ඒවා නොදන්නා කෙනෙකුට තිදෙනෙකුට බැහැ කියන්නේ නටන්න බැරි එකා පොලොව ඇදයි කිව්වා වගේ වැඩක්.(පක්ෂය(පස්ස) උඩතියාගේන හිටියම ඔහොම වෙනවා)
Reply : 0 0
ඇරසොයිසා Monday, 02 September 2019 07:24 AM
ගමගේ නිවැරදියි කියන්න පුළුවනි.පැරණියන් කිව්වා සමගිය බලයවේ කියල.සමගියක් ඇත්නම් තිදෙනෙකු නොව දස දෙනෙකු සිටියත් මොළයක් ඇත්නම් කලනොහැකි දෙයක් නැහැ.ලිඡ්චවි පාලනය ගැන බුදුහිමියන් දේසනාකලේ ඔවුන් අතරඇති සප්ත අපරිහානීය කරුණ දියුනට හේතුවෙනවා කියලයි.ඒකරුණවල තියෙනවා සමගිව රැස්වීම සමගිව සාකඡ්චාකිරීම වැනි කරුණු .ඒවා නොදන්නා කෙනෙකුට තිදෙනෙකුට බැහැ කියන්නේ නටන්න බැරි එකා පොලොව ඇදයි කිව්වා වගේ වැඩක්.(පක්ෂය(පස්ස) උඩතියාගේන හිටියම ඔහොම වෙනවා)
Reply : 0 0
Priyantha Saturday, 31 August 2019 09:54 PM
තුන් දෙනෙකුට බෑ වගේම එක පෙන්දෙකුටත් බෑ.ඒක මනාව ඔප්පු කරලම තියනවා.
Reply : 0 4
Deepal Nirosh Sunday, 01 September 2019 01:39 PM
එහෙනම් ඔය කාරණය දැන දැන ද ජනමත විචාරණයකින් තොරව 19 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට අනුමැතිය දුන්නෙ. පිං සිද්ද වෙයි තවත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන නම් රටට එපා. තමුන්ගෙ ඉතිරි ධුර කාලය තුළ ප්‍රවන් නම් 19 වන සංශෝධනය අවලංගු කරල දෙන්න.ඒ ඇති.
Reply : 0 5
dakune anura Thursday, 05 September 2019 05:02 PM
හරියටම හරි නමුත් ජනතාවට මෙය තේරුමක් නැහැ 19 ගාවට 20 නේද කියල අහනවා
Reply : 0 0
සුනිල් සමරවීර Sunday, 01 September 2019 02:58 PM
ඒ ඇත්ත ඔබ ගෙදර යන්න.
Reply : 0 3
dilal Wednesday, 04 September 2019 04:32 PM
1948 අපි නිදහස ලබගන්නවිට සුදු පාලකයින්ගේ අනුග්‍රහයෙන් ලැබිතිබුන වෙස්මිනිස්ටේර් වෙවස්තව යටතේ අද වගේ වංචා දුෂණ හොරමැරකම් තිබුනේ නැහැනේද?ඒකාලේ දෙසපලකයන්ට අද වගේ දුෂණ චෝදනා තිබුනෙත් නැහැ තනතුරු ලැබුනට ඔවුන්ගේ වත්කම් 84000%න් ඉහල නග්ගේත් නැහැ.ඒ බලතල මදියි කියා 1972 සිට වෙවස්ත වෙනස්කිරීම් ඒ වට වරින් වර සංසෝදන එකතුකරමින් මොනවද කලේ ?
Reply : 0 0
galkatas 1 Thursday, 05 September 2019 02:51 PM
නායකයන් තිදෙනෙකුට රට පාලනය කරන්න බෑ හුට පටස් පුරස්ස්නයක්නේ වෙලා තියෙන්නේ කොඉ මේ 19 ඇත උස්සපු මෝඩයෝ රල
Reply : 0 0
ruhune api Thursday, 05 September 2019 04:55 PM
ඔය වෙස්මිනිස්ටේර් අපේ පන්තියේ එකට උගෙන ගත්ත, සිංහල හොඳට කතා කරනවා අපේ අය එයට ඉංගිරිසි කතා කරන හැටි උගැන්නුව මතකය
Reply : 0 0
saranapala Thursday, 05 September 2019 05:00 PM
19 ට නිදිමරාගෙන අත් උස්සවල දැන් කියනවා නායකයෝ තුනයි ලු මැරුණු 500 පමණ සහ දෑස ඇන්දවී සිටින අත් පා කැඩුණු ජනතාවට වග කව යුත්තේ 19 ගෙනාපු අත් උස්සපු මෝඩයන් රල සමග ඔබ තුමාය ජනතාවනි උන්ට චන්දය දෙන්න එපා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd