නමල්ට එරෙහිව ඇති මුදල් විශුද්ධිකරණ නඩුව ජුනි 8 සලකා බලයි
හෙළි නොකරන ආකාරයකින් රුපියල් කෝටි තුනක මුදලක් උපයා ගත් බවට මුදල් විශූද්ධීකරණ පනත යටතේ පාර්ලිමෙන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට එරෙහිව මුදල් විශූද්ධීකරණ පනත යටතේ පවරා ඇති නඩුවේ වැඩිදුර විභාගය ලබන ජුනි මස 08 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්රදීප් හෙට්ටිආරච්චි මහතා අද (03) නියම කළේය.
විත්තිකාර පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාට අයවැය විවාදයට යෑමට අවසර දෙන්නැයි ඉල්ලමින් ඉදිරිපත් වු කරුණු පිළිගත් විනිසුරුවරයා එලෙස නියම කළේය.
2013 ඔක්තොම්බර් මස පළමුවැනිදාත් 2014 අගෝස්තු මස 31 වැනිදාත් අතර කාලය තුළ කොළඹදී පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාට අයත් ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගම වෙනත් සමාගමක් සමඟ කළ ගණුදෙනුවකදී අයුතු ලෙස මුදල් උපයාගැනීමට කුමන්ත්රණය කිරීම, ඒ අනුව රුපියල් මිලියන 30ක මුදලක් උපයාගත් බවට මුදල් විශූද්ධීකරණ පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා එකොළහක් යටතේ නීතිපතිවරයා විසින් නඩු පවරා තිබිණි.
එලෙස හෙළි නොකරන ආකාරයකින් හා අයථා ලෙස උපයන ලද රුපියල් මිලියන 30ක මුදලකින් ‘‘හෙලෝ කෝප්’’ ආයතනය මිලදී ගෙන ඇති බවටද නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව වැඩිදුරටත් චෝදනා නඟා තිබිණි.

popular news
-
Lion Wednesday, 03 April 2019 05:31 PM
මොන කරුමයකටද මෙහම නඩු කල්දන්නේ
Reply : 0 0
rocky Thursday, 04 April 2019 07:06 AM
මේවා අහන නඩුද, කල්පාන්තය දක්වා කල් දමන නඩුද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

