දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර මහතාගේ ජංගම දුරකතනයේ මකා දමා තිබූ හඬපට ගණනාවක් නැවත සොයා ගැනීමට හැකිවූ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයට දැන්විය.
එහි මකා දැමූ හඬ පට ලබාගැනීම වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හොංකොං ගිය අතර අදාළ දත්ත නැවත ලබාගැනීමෙන් පසුව ඔවුන් පසුගිය 14 දා නැවතත් දිවයිනට පැමිණ තිබේ.
ජනපති මෛත්රීපාල සිරිසේන මහතාත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත් ඝාතනය කිරිමේ කුමන්ත්රණය සම්බන්ධයෙන් පවත්වන ලබන පරීක්ෂණවලට අදාළව මෙසේ නැවත දත්ත ලබා ගැනීමට කටයුතු කළේය.
ලබගාත් හඩපට ඇතුළත් කරන දත්ත බහාලුව හා එම විශේෂඥවරුන්ගේ වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහේස්ත්රාත් අධිකරණයට භාර දී ඇත.