දැනට පවතින කොවිඩ්- 19 රෝගී තත්ත්වය හේතුවෙන් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම හා කටුනායක වෙළෙද කළාප සහ දිවයින පුරා තිබෙන නිමි ඇඳුම් කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමේ දී උද්ගත වී ඇති ගැටළු වලට විසදුම් ලබාදීමේ දී අනුගමනය කළ යුතු සෞඛ්‍ය ක්‍රියාමාර්ග පිළිබදව නිමි ඇදුම් කර්මාන්ත ශාලා හිමියන් සහ පරිපාලනය දැනුවත් කිරීමට හා ඔවුන්ගේ ගැටළු වලට පිළියම් යෙදීමට විශේෂ සාකච්ඡාවක් අද දින (13) රාජගිරිය කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී පැවැත්විනි.
මෙම සාකච්ඡාවේ දී අනාවරණය වූ කරුණු අනුව නිමි ඇඳුම් කර්මාන්ත ශාලා තුල සේවයේ නියුතු කාර්ය මණ්ඩල නවාතැන් ගෙන සිටින ස්ථාන පිළිබදව විශේෂ සැළකිල්ලක් දැක්විය යුතු බව අවධාරණය කරන ලදි. එමෙන්ම මේ වනවිටත් සෞඛ්‍ය අංශ වලින් ලබාදී ඇති මුව ආවරණ පැළැදීම, එකිනෙකා අතර දුරස්ථභාවය තබා ගැනීම, දිනකට තෙවරක් ශරීර උෂ්ණත්වය මැන බැලීම මූලිකවම සිදු කළ යුතු බවට උපදෙස් ලබාදෙන ලදි. යමි සේවකයෙකු උණ තත්ත්වයකින් හෝ වෙනයම් ආසාත්මිකතාවයකින් පසු වුවහොත් ආසන්නතම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් සෞඛ්‍ය උපදෙස් ලබාගැනීමට කටයුතු කරන ලෙස ද දැනුවත් කරන ලදි. එමෙන්ම සති දෙකකට වරක් සේවකයින් PCR පරීක්ෂණයට ලක් කිරීමට කටයුතු කරන ලෙසත්, සෑම සේවකයෙකුගේම ස්ථීර ලිපිනය ලබාගැනීමට කටයුතු කරන ලෙසත් නිමි ඇඳුම් කර්මාන්ත ශාලා හිමියන් සහ පරිපාලනය දැනුුවත් කිරීමට මෙහිදී පියවර ගන්නා ලදි. එමෙන්ම පවතින කොවිඩ් -19 රෝගී තත්ත්වය හමුවේ නිමි ඇදුම් කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමට අදාලවම විශේෂිත වූ මාර්ගෝපදේශ මාලාවක් කඩිනමින් සැකසීමට ද මෙහිදී තීරණය කරන ලදි.