කොවිඩ්-19 එන්නත් සඳහා නේපාලයේ හදිසි අවශ්‍යතාවට චීනය විශාල වැදගත්කමක් ලබාදෙන බවත්, ඒ අනුව නේපාලයට පළමු එන්නත් ආධාර ළඟදීම ලබාදීමට තීරණය කර ඇති බවත් චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ අමාත්‍ය වැන්ග් යී පවසයි.
නේපාල විදේශ අමාත්‍ය ප්‍රදීප් කුමාර් ගයවාලි සමග කළ දුරකථන සංවාදයකදී වැන්ග් මේ බව ප්‍රකාශ කර ඇත.
කොවිඩ්-19 පැතිර යාමේ සිට චීනය සහ නේපාලය එකිනෙකාට උදව් කරගෙන ඇති අතර, වෛරසය පරාජය කිරීම සඳහා එකට වැඩ කිරීමට උත්සාහ කරමින්, වෛරස් විරෝධී සටනේදී හොඳ සහයෝගයක් ලබා දී ඇති බවත් අමාත්‍යවරුන් පවසා තිබේ.
චීන කොවිඩ්-19 එන්නත් ගෝලීය මහජන යහපතක් බවට පත්කිරීමට ජනාධිපති ෂී ජින්පිංගේ කැපවීම චීනය ඉතා ඕනෑකමින් ඉටු කරන අතර, නේපාලය සඳහා එන්නත් මිලදී ගැනීමට පහසුකම් සැලසීමට කැමැත්තෙන් සිටින බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.