නන්දිකඩාල් කලපුව ප්‍රතිසංස්කරණය කිරීමේ පළමු අදියර එළබෙන සුමානයේ ඇරඹිමට මුලික කටයුතු සම්පාදනය කර ඇත.
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ විශේෂ අවධානයට අනුව පසුගිය මාස කිහිපය පුරා දියත් කළ නන්දිකඩාල් කලපුව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නිමා වී ඇති අතර අවසාන අදියරහි කටයුතු නිරික්ෂනය කිරම ඉකුත් 16 වැනි දින සිදු වුහ.
ධිවර දෙපාර්තමෙන්තුව, ධිවර වරාය සංස්ථාව , නාරා ආයතනය,වන ජීවි දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් සහ ධිවර ප්‍රජාවන් සහභාගි වු අවසාන නිරික්ෂණ කටයුතු අනුව නන්දිකඩාල් මෝය කට ප්‍රදේශයේ ගොඩ ගසා ඇති අපද්‍රව්‍ය වහාම ඉවත් කිරීමට තීරණය ගන්නා ලදි.මේ අනුව පළමු අදියරහි කටයුතු ආරම්භ කිරීමට සුදානම් කර ඇත.
යුද්ධය නිසාත් ද්‍රව්ඩ දේශපාලන නායකයන් ගේ නොසැලකිලිමත් භාවය නිසාත් පසුගිය අවුරුදු 30 කටත් වඩා කාලයක ප්‍රතිසංස්කරණ කටයුතු නොකිරීම සහ සුනාමි වැනි ස්භාවික ව්‍යවසන,සහ යුද්ධය හේතු කොටගෙන නන්දිකඩාල් කලපුවේ ගොඩ ගසා ඇති අපද්‍රව්‍ය හා මඩ නිසාත් මෙම කලපුවේ ස්වාභාවික සෞන්දර්යයට හානි වී ඇත. එම නිසා මසුන් සහ ඉස්සන් වැනි නිෂ්පාදන අඩු වීමත් සමග මෙම කලපුවෙන් යැපෙන දහස් ගණන් ධීවර පවුල් ආර්ථික වශයෙන් දැඩි දුෂ්කරතා වලට මුහුණ දී ඇත.
මේ පිළිබදව පසුගිය වසරේ අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ අවධානයට ලක් කිරීමෙන් පසු මේ පිළිබදව දිගින් දිගටම සොයා බැලු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අදාල නිලධාරීන්ට ලබා දුන් උපදෙස් වල ප්‍රථිපලයක් ලෙස නන්දිකඩාල් කලපුවේ ප්‍රතිසංස්කරණ කටයුතු එළබෙන සුමානයේ පටන් ගැනීමට අවශ්‍ය කටයුතු සුදානම්කර ඇත.