නෙදර්ලන්තයේ කොවිඩ්-19 වෛරසය පාලනයට යොදා ඇති ලොක්ඩවුන් සීමාවන්ට එරෙහිව අයින්ඩ්හොවන් හි විරෝධතාකරුවන් ගිනි තබා ඇති අතර, පොලීසිය විසින් තහනම් කර තිබූ මෙම විරෝධතාව පාලනයට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරමින් පුද්ගලයන් 30 දෛනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මීට අමතරව, ඇම්ස්ටර්ඩෑම් නුවරද පොලීසිය විසින් තහනම් කරන ලද උද්ඝෝෂණයක් විසුරුවා හැරීම සඳහා ජල ප්‍රහාර එල්ල කර ඇති අතර, වසංගතය ආරම්භ වූ දා සිට නෙදර්ලන්තයට එල්ල වූ දරුණුතම ප්රචණ්ඩත්වය සහ ඇම්ස්ටර්ඩෑම්හි විරෝධතාකරුවන් සමග පොලීසිය ගැටුම් ඇති කරගත් දෙවැනි ඉරිදා දිනයයි.
වසංගතයේ දෙවැනි රැල්ල සමග පසුගිය දෙසැම්බර් මැද භාගයේ සිට රට දැඩි ලෙස වසා දමා ඇති අතර එය අවම වශයෙන් පෙබරවාරි 9දා දක්වා පවතිනු ඇත. කොරෝනා වෛරසයේ වඩාත් සම්ප්‍රේෂණය කළ හැකි ප්‍රභේදය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා රජය විසින් මෙම අගුලු දැමීම සිදුකර තිබේ.