නෙදර්ලන්තයේ ලොක්ඩවුන් විරෝධී උද්ඝෝෂණ තෙවැනි දිනටත් උත්සන්න වී ඇති අතර, ඊයේ (25දා) සවස දිවයිනේ නගර කිහිපයක උද්ඝෝෂණ පාලනය සඳහා එරට පොලිසිය කඳුළු ගෑස් සහ ජල කාලතුවක්කු යොදාගෙන තිබේ.
සමාජ සම්බන්ධතා අවම කිරීම සඳහා නිර්මාණය කරනලද රාත්රී ඇඳිරි නීතිය සෙනසුරාදා සිට රට තුළ ක්රියාත්මක වූ අතර රාත්රී 9.00 සිට පෙ.ව .4.30 දක්වා එය පැවැත්වෙයි.
නගර කිහිපයක පොලීසිය වාර්තා කළේ බොහෝ විට තරුණයන් තැන තැන ගිනි තැබීම්, ගල්මුල්වලින් පහරදීම් සහ වෙළෙඳ සැල් කොල්ලකෑම් සිදුකරන බවයි.
කැරලිකාර කණ්ඩායම් පොලීසිය සමඟ ගැටුම් ඇති කර ගැනීමට උත්සාහ කර ඇති අතර, ස්ථාන ගණනාවක, විශේෂයෙන් රොටර්ඩෑම්හි කොල්ලකෑම් සිදුව තිබේ.
පොලිසිය ජල කාලතුවක්කු යොදවා ඇති බවත්, හාර්ලම් සහ රොටර්ඩෑම්හි කඳුළු ගෑස් භාවිත කළ බවත් පොලීසිය කියයි. ඊයේ අවම වශයෙන් 151 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අවම වශයෙන් පුද්ගලයින් 250 දෙනෙකු ඉරිදා අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.