මන්නාරම උතුරු මුහුදු ප්රදේශයේ සහ වංකාලෙයි මුහුදු ප්රදේශයේ නීතිවිරෝධීව ප්රවාහනය කරමින් තිබූ කහ කිලෝ 818 ක් සහ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (16) දින අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
උතුරුමැද නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් මන්නාරම උතුරු මුහුදු තීරයේදී සිදු කරන ලද සෝදිසි මුර සංචාරයකදී අදාල කහ තොගය යාත්රාවකින් ප්රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු සමගින් කහකෑලි අඩංගු ගෝනි 12කට අයත් අයත් කහ කෑලි කිලෝ 510ක ප්රමාණයක් අත්අඩංගුවට ගනු ලැබීය.
ඊට අමතරව මන්නාරම වංකාලෙයි මුහුදු තීරයේ අතහැර දමා ගොස් තිබූ ගෝනි 5ක් පරික්ෂා කිරීමේදී එහි තිබී කහ කිලෝ 308ක ප්රමාණයක් තිබී නාවික හමුදා භාරයට ගනු ලැබීය.
අදාල කහ තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් අනවසරයෙන් රැගෙන විත් මන්නාරමේ සිට දකුණු ප්රදේශයට ඇතුලු ප්රදේශයන් රැසකට අලෙවි කිරීමට ජාවාරම්කරුවන් විසින් සැලසුම් කරන්නට ඇති බවට නාවික හමුදාව සැක පල කර සිටියි.
මෙලෙස සඟවා තිබූ කහ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය රේගු කාර්යාලය වෙතට භාර දීමට නාවික හමුදාව විසින් පියවර ගනු ලැබීය.