ඉන්දියාවේ සිට මෙරට කල්පිටිය ඉන්පන්තිව් දුපතට නීතිවිරෝධීව ආනයනය කරනු ලැබූ කහ කිලෝග්රෑම් 1428 ක් සමග පුද්ගලයින් 06 දෙනෙකු සහ ඒ සඳහා භාවිතා කළ ඩිංගි යාත්රාව ලොරිරථයක් නවීන වර්ගයේ වෑන්රථයක් ශ්රී ලංකා නාවික හමුදාවේ කල්පිටිය විජය නාවික හමුදාව විසින් ඊයේ අලූයම අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ කල්පිටිය කොටියාකුඹුර යන ප්රදේශවල පදිංචි වයස අවුරුදු 20, 26, 32, 33, 37, 43 යන වයසේ පසුවන පුද්ගලයින් 6 දෙනෙකි.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ලද තොරතුරකට අනුව මෙම ජාවාරම මෙහෙයවූ ප්රධාන මොළකරු පාලකුඩා ප්රදේශයේ තරුපහේ හෝටලයක ලැගුම්ගෙන සිටියදී නවීන වෑන් රථයක් සමග අත්අඩංගුවට ගත්බව නාවික හමුදාව පවසයි.
විජය නාවිකා හමුදා කඳවුරේ බුද්ධි අංශයට ලද තොරතුරක් මත මෙම වැටලීම නාවික හමුදා විශේෂ යාත්රා බලගනය විසින් සිදුකර ඇත.
කල්පිටිය ඉන්පන්තිව් දුපතට ප්රවාහනය කරඇති කහ තොගය ඩිමෝ වර්ගයේ ලොරිරථයකින් ඉන් පිටතට ප්රවාහනය කිරීමට සුදානම් කර තිබියදී අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන්ගෙන් සිදුකළ ප්රශ්න කිරීම්වලදි ඉන්පන්තිව් දුපතේ වෙරළ අසල සඟවා තිබූ තවත් කහ උර 18ක් නාවික හමුදාවට සොයා ගැනීමට හැකිව ඇත.
මේ අනුව ලොරි රථයේ ප්රවාහනය කිරීමට සුදානම් කරතිබු කහඋර 26ත් සමග මුලූ කහඋර 44ක කහ කිලෝ ග්රෑම් 1428ක් තිබූ බව නාවික හමුදාව පවසයි.
ඉන්දියාවේ සිට ලංකා මුහුද තීරයට වෙනත් බහුදින යාත්රාවකින් ප්රවාහනය කළ කහ තොගය එම ස්ථානයේ සිට කල්පිටිය ඉන්පන්තිව් දුපතට ගෙනැවිත් ඇතිබව කළ විමිර්ශන වලදී තහවුරු වී ඇත.
මෙම කහතොගය සහ රථවාහන බෝටුව සමග සැකකරුවන් 6 දෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා කල්පිටිය පොලීසියට භාරදී ඇත.
කල්පිටිය පොලිස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ජයම්පති බංඩාර මහතාගේ ප්රධානත්වයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අතර සැකකරුවන් සමග නඩුභාණ්ඩ තොගය අද අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය පවසයි.
ලලිත් නවරත්න