ආනයනය තහනම් කිරීමෙන් පසු නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වූ සහ වරායේ දැනට පවතින අනවසර කහ තොග රාජසන්තකර කර සතොස හා සමූපකාර සමිති හරහා පාරිභෝගිකයාට නිකුත් කිරීමේ වැඩපිළිවළක් සැකසීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡාකර ඉදිරි සතිය තුළ පියවරක් ගන්නා බව උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කරාබු නැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය, ආශ්‍රීත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා අද (21දා) පැවසීය.
වෙළඳපොලේ පවතින කහ හිඟය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසුමකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ නීති විරෝධීව කහ මෙරටට ගෙන්වීම සිදුවන බව කරන වැටලීම් අනුව පෙනී යන බවයි. එසේ වැටලීම් වලින් අත්අඩංගුවට ගන්නා ලද කහ මෙන්ම තහනමින් පසු ගෙන්වන ලද කහ ද වරායේ ඇති බවයි.
මේ වන විට තම අමාත්‍යාංශය යටතේ කහ වගා කිරීමේ ව්‍යාපෘතියක් අරඹා ඇති බව කී රාජ්‍ය ඇමතිවරයා මේ කන්නයේදී රටට අවශ්‍ය කහ ප්‍රමාණය නිපදවා ගත නොහැකි වුවත් ඉදිරි කන්නය අවසන් වනවිට ලංකාවට අවශ්‍ය කහ ලංකාවේම නිපදවා ගත හැකි වනු ඇතැයි ද කීවේය.
කහ වගා කිරීමේ දී මතුව ඇති ප්‍රධානම ගැටලූව බීජ පැල හිඟය බව කී රාජ්‍ය ඇමති ජානක වක්කුඹුර මහතා කහ බීජ පැළ නිෂ්පාදන වැඩසටහනක් ද ක්‍රියාත්මක බව කීවේය. කෙසේ වෙතත් ලංකාවට අවශ්‍ය කහ ලංකාවේ ම නිපදවා ගැනීමේ දී කහ පැල අවශ්‍යතාව ලංකාවේදීම මුලින්ම සපුරා ගැනීම ගැටලුවක් වුවහොත් සෞඛ්යාරක්ෂිත ක්රමෝපායන් අනුගමනය කරමින් වගාව සඳහා පමණක් කහ බීජ පැල ලක්ෂයක් පිටරටින් ගෙන්වීමට ජනාධිපතිවරයාගේ උපදෙස් ලබාගනිමින් කටයුතු කරන බව ද කීවේය.
අජිත්ලාල් ශාන්තඋදය සහ කොලොන්නේ ජේ නානායක්කාර