නීතිවිරෝධී මත්පැන් අලෙවි කිරීම් පිළිබදව පැමිණිලි කිරීම සඳහා 1913 ක්ෂණික දුරකතන අංකය හෙට (19දා) දිනයේ පටන් ක්‍රියාත්මක කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
මෙය පැය 24 පුරාම ක්‍රියාත්මක දුරකතන අංකයකි. මෙම දුරකතන සේවාව මගින් මහජනතාවගෙන් ලැබෙන පැමිණිවල රහස්‍යභාවය රකින බවත්, නීතිවිරෝධී මත්පැන් ළග තබා ගැනීම සහ ප්‍රවාහනය සම්බන්ධයෙන්ද මේ හරහා පැමිණිලි කළ හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
එසේම බලපත්‍ර යටතේ නිෂ්පාදනය කරන මත්පැන් පවා නියමිත ප්‍රමාණයට වඩා ළග තබා ගැනීම තහනම් බැවින් එවැනි අවස්ථා පිළිබවද මහජනතාවට මෙම ක්ෂණික දුරකතන අංකය හරහා පැමිණිලි කළ හැකි බවද දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.