නීතිවිරෝධී ගිනිඅවි අත්අඩංගුවට ගැනීමට අද (01දා) සිට විශේෂ මෙහෙයුමක් දියත් කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සඳහන් කළේය.
සාර්ථක ලෙස ගිනිඅවි අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන පොලිස් නිලධාරීන් දිරිමත් කිරීමට ත්‍යාග මුදල් ලබා දෙන බවද හෙතෙම පවසා සිටියේය.
මීට අමතරව මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකරන වැටලීම් අද සිට දැඩි කර තිබෙන බවත්, පසුගිය වසර තුළදී හෙරොයින් කිලෝ 744ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් අද (01දා) පොලිස් මූලස්ථානයේ පැවැති වාර්ෂික නිල උත්සවයේදී පොලිස්පතිවරයා සඳහන් කළේය.