Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
දූෂණ ක්‍රියාවකට හෝ නීති විරෝධී ක්‍රියාවකට වරදකරු කරනු ලැබීම හේතුවෙන් යම් අපේක්ෂකයෙකු ජනාධිපතිධුරයට තෝරා පත්කර ගැනීම අවලංගු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තේරා පත්කර ගැනීමේ පනතේ 90 වැනි වගන්තයෙන් මේ බව පෙන්වා දී ඇති බවද මහින්ද දේශප්‍රිය මහතාගේ අත්සනින් යුතු නිවේදනයක දැක්වෙයි.
popular news
Kumar Tuesday, 05 November 2019 08:47 PM
ඒ වැන්නක් සිදුවුනොත් ජනාධිපති වෙන්නේ අගමැතිනේද. මොනම හේතුවක් නිසා ජනාධිපති වරදකරුවා වුනොත් තම සහෝදරය අගමැති නම් ඒ අගමැති ජනාධිපතිවී තම සහෝදරයට සමාව දෙන එකේ වරදක් නැහැනේද.
Reply : 0 1
Champa Wednesday, 06 November 2019 01:50 PM
අගමැතිට ජනාධිපති වෙන්න බැහැ. වෙන්න පුළුවන් වැඩ බලන ජනාධිපති විතරයි. අනිත් එක වැඩ බලන ජනාධිපතිවරයෙකුට ජනාධිපති සමාව දෙන්නත් බැහැ. නියම ජනාධිපතිවරයෙකුට විතරයි එහෙම කරන්න බලය තියෙන්නේ. ඊළඟට වෙන අනිත් දේ තමයි, ඔය සහෝදර කතාව අනුව මම කියන්නේ, ගෝඨාභයට මහින්ද අගමැති කරන්න පුළුවන් එකම එක විදිහටයි. ඔලු ගෙඩි මාරුව මීට කලිනුත් කරලා බැලුවනේ. ඒක හරි යන්නේ නැහැ. දැන් හදිසියෙවත් ගෝඨාභය ජනාධිපති වෙලා මැකෝ කියන විදිහට නඩු තීන්දුවක් ආවොත්, වැඩ බලන ජනාධිපති වෙන්නේ රනිල් මිසක් මහින්ද නෙමෙයි. ගෝඨාභයව චන්දෙට දාන්න මහින්දට බල කල මිනිස්සු, මහින්දට විතරක් නෙමෙයි රටටම හරාකිරි කළා. 19 අනුව, ජනාධිපතිවරයා ඉවත් කලොත් හරි මැරුනොත් හරි අස් වුනොත් හරි ඉන්න අගමැතිට ඒ ජනාධිපතිවරයාගේ ධූර කාලය ඉවර වෙනකම් වැඩ බලුවහැකි. හැබැයි රනිල් සහ යහපාලන ආණ්ඩුව ජනතාවට වහකදුරු වගේ හින්ද එහෙම වුනොත් මුළු රටම පාරට බැහැල නැවත ජනාධිපතිවරණයක් ඉල්ලනවා හැරෙන්න වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. මේ වගේ වැඩ ඉතිහාසයේ තියෙනව. සුබ සහ යස, මනමේ, විජය හොරා සහ කුවේණි, වඳින්න ගිය දේවාලේ, විද්දේ පඳුරට වැදුනේ හාවට.
Reply : 0 0
Champa Tuesday, 05 November 2019 10:07 PM
Wow, what this guy is upto, Machangs?
Reply : 0 1
ලසන්ත Wednesday, 06 November 2019 07:02 AM
නීතියෙන් වරදකරුවීමට පෙර තේරුනකෙනා දිවුරුම්දී වැඩ භාරගන්නවානේද සභාපතිතුමණි.සමහර විටක නීතියෙන් වරදකරුවීමට අවුරුදු තුන හතරක් ගතවෙනවා.එතෙක් රටේ පාලනය කරන්නේත් ඔහුමයි.මේගැන දැනගැනීමට කැමතියි
Reply : 0 0
රජින්ද Wednesday, 06 November 2019 02:53 PM
80(2) මම දන්නා තරමින් කිසිදු අපේක්ෂකයෙකු නාමයෝජනා දුන් දිනයට පෙර වසර 7ක කාලපරාසයක් තුල දුෂණ චෝදනාවක් මත කිසිදු අධිකරණයක වරදකරුවෙක් වී නැහැ. ඒ නිසා මෙම පුවතට අදාළ කාරණාව මේ ජනාධිපතිවරණයේ අපේක්ෂකයින්ට බලපාන්නේ නැහැ.
Reply : 0 0
ජයම්පති Friday, 08 November 2019 05:20 AM
මීලග මැතිවරණ කොමසාරිස් පත් කරන විට අධිරාජ්‍ය වාදීන්ට කඩේ නොයන කෙනෙකු පත්වීම ඉතා වැදගත්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd