ශ්‍රී ලංකාව තුළත් ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍ර දේශ තුළත් නීතිය හා සාමය පවත්වාගෙන යෑම වගකීම ත්‍රිවිධ හමුදාව වෙත ලබාදෙමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම ගැසට් නිවේදනය අනුව ශ්‍රී ලංකාවේ සියලුම පරිපාලන දිස්ත්‍රික්ක හා ඊට යාබද ජල තීරය තුළ නිතිය හා සාමය පවත්වාගෙන යෑම ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පවරා තිබේ.
පසුගිය වසරේ අප්‍රේල් මාසයේ එල්ල වූ පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව නීතිය හා සාමය පවත්වාගෙන යෑමට මෙසේ ත්‍රිවිධ හමුදාව කැඳවමින් එවක ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පළමුවරට මෙම ගැසට් නිවේදනය නිකුත් කළ අතර එම ගැසට් නිවේදනය සෑම මසකම 22 දා තවත් මාසයක කාලයක් සඳහා දිගුකරයි.