වරෙන්තුවක් නොමැතිව පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බද්යුදීන් මහතා අත්අඩංගුවට ගත හැකි බවට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය සඳහන් කර ඇති බැවින් නීතිය අනුව ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුලද ලිවේරා මහතා පොලීසියට උපදෙස් දුන් බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරීනි, රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවැසුවාය.
රිෂාඩ්ව අත්අඩංගුවට ගැනිමට නීතිපති නියෝග
රාජ්‍ය මුදල් අවභාවිත කිරීම හා මැතිවරණ නීති උල්ලංගණය කිරීමේ චෝදනා යටතේ හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බද්යුදීන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.
අධිකරණ වරෙන්තුවක ලබාගනිමින් මෙසේ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා උපදෙස් දී ඇති බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරීනි, රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවැසුවාය.