මෙරට පාසල් සහ විශ්වවිද්‍යාල ආයතන තුළින් ලබාදෙන අධ්‍යාපනයත්, නූතන රැකියා අවස්ථාවනුත් අතර පවත්නා පරස්පරය ඉවත් කළ යුතු බවත්, එසේ නොවනතාක් සිදුවන්නේ පවත්නා ක්‍රමයට එරෙහිවන මුළුමහත් සමාජය සමඟ කනස්සල්ලෙන් පසුවන රැකියා විරහිත තරුණ පරපුරක් බිහිවීම බවත් අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කළේය.
නුගේගොඩ අනුලා විද්‍යාලයේ රුපියල් අභිනවයෙන් ඉදිකරන ලද සිවුමහල් ගොඩනැඟිල්ල විවෘත කිරීමේ උත්සවය ඊයේ (16) එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
කටපාඩම් කරගත් දේ විභාගයක දී ලියා සමත්වන උගතුන් වෙනුවට, ඉගෙනගත් දේ ප්‍රායෝගිකව යොදාගත හැකි, විචාරශීලී චින්තනයෙන් සහ විශ්ලේෂණ හැකියාවෙන් පොහොසත් බුද්ධිමතුන් බිහිකිරීම වෙනුවෙන් මෙරට අධ්‍යාපනය සකස් විය යුතුබව ද එය විෂයභාර අමාත්‍යවරුන්ට පමණක් කළ හැකි දෙයක් නොවන බව ද, සියලු දෙනාගේ අදහස් යෝජනා අනුව බිම්මට්ටමේ සිට ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා,
“පාසලක ශක්තිය හා වටිනාකම තක්සේරු කරන්න ගොඩනැගිලිවලින් බෑ. එතැනින් එළියට හිතන්න ඕනේ. ගුරුවරුන් තෘප්තිමත්ව දරුවන්ට උගන්වන්න ඕනේ. රස්සාවට උගන්වනවා වෙනුවට දරුවන්ට ආදරයෙන් උගන්වන ගුරුවරුන් පාසලේ සිටිය යුතුයි. ඒ ගැනත් අපි අවධානය යොමු කළ යුතුයි”යනුවෙන් පැවසීය.