නත්තල් දිනයේදී ගිනිකෙළි නිසා අනතුරුවලට ලක්ව ජාතික රෝහලට මෙවර කිසිදු රෝගියෙක් ඇතුළත් වී නොමැති බව ජාතික රෝහල සඳහන් කරයි.
නත්තල් දිනයදා ගිනිකෙළි අනතුරුවලට ලක්ව රෝහලට රෝගියෙකු නොපැමිණි පළමු අවස්ථාවද මෙය බව රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරී පුෂ්පා රම්‍යා ද සොයිසා මෙනවිය සඳහන් කළාය.
ඊයේ (25 දා) පෙරේදා (24 දා) යන දෙදින තුළ සිදුවූ විවිධ අනතුරු නිසා පුද්ගලයන් 546 ඇතුළත් වූ බවත් පසුගිය වසරට සාපේක්ෂව මෙය 18% ක වර්ධනය වීමක් බවද පවසා සිටියාය.