නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝ 807කට ආසන්න ප්රමාණයක් නොරොච්චෝලේ දලුව සහ මන්නාරම වංකාලේ යන වෙරළ තීරයන්හීදී ඊයේ (18දා) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.
වයඹ නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් නොරොච්චෝලේ දලුව වෙරළ තීරයේ සිදු කල විශේෂ මෙහෙයුමකදී නීති විරෝධී ලෙස ඩිංගි යාත්රා දෙකක් (02) තුල සඟවා මෙරටට ගෙන ඒමට උත්සාහ කල ගෝනි මළු 14ක් තුල අසුරන ලද වියලි කහ කිලෝ 700කට ආසන්න ප්රමාණයක් සමඟ කල්පිටිය ප්රදේශයේ පදිංචි අවුරුදු 25ත් 58ත් අතර වයසේ පසුවන සැකකරුවන් සිව් දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගෙන තිබුණි.
උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් මන්නාරම වංකාලේ වෙරළ ප්රදේශයේ සිදු කළ මුර සංචාරයකදීද වෙරළට ගොඩගසා තිබූ සැක සහිත ගෝනි මලු දෙකක් පරීක්ෂා කිරීමේදි එහි තිබී තෙත බර සහිත කහ කැබලි කිලෝග්රෑම් 107 කට ආසන්න ප්රමාණයක් සොයා ගන්නා ලදි.
ඒ අනුව, නාවික හමුදාව විසින් පසුගිය සති තුනක (03) කාලය තුල අවස්ථා කිහිපයකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝ 8245 කට අධික ප්රමාණයක් භාරයට ගෙන තිබේ.