නීති විරෝධී මත්පැන් පෙරීමට යාමේදී එම බැරලයක් පුපුරා පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඊයේ අලුයම් කාලයේදී මෙම සිදුවීම සිදුව ඇති අතර තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. සමන්තුරය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
“ඊයේ සමන්තුරය පොලිස් වසමේ මල්වත්ත ප්‍ර දේශයෙ ඇතිවූ සිද්ධියකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඔහු 53 හැවැරිදි පුද්ගලයෙක්. තවත් අයෙක් තුවාල ලබා තිබේ.
සිද්ධියෙන් විමර්ශනය කිරීමේ දි හෙළිවී ඇත්තේ ඊයේ අලුයම් කාලයේදී නීති විරෝධී මත්පැන් පෙරිමේදී බැරලයක් පිපිරී යාමෙන් මෙම මරණය සිදුව තිබෙනවා. ඔහු සමග සිටි අනෙක් පුද්ගලයා තුවාල ලබා තිබෙනවා.
සමන්තුරය පොලීසිය මේ පිළිබඳව අධිකරණයට දන්වා විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. තුවාල ලබා ඇති පුද්ගලයා රෝහල් ගත කර තිබෙනවා. මේ පිළිබඳව විශේෂඥ මත ලබාගැනීමට නියමිතයි”