නඩු භාණ්ඩයක් ලෙස බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු ගබඩාවේ තැන්පත් කර තිබූ විදේශ රටක නිපදවන ලද මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක්, උණ්ඩ 6ක් සහිත මැගසිනයක් රුපියල් 25000කට විකිණීමට සූදානම් වූ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මහේස්ත්‍රාත් අධිකරණයේ කාර්යාල කාර්ය සහායෙකු හා තවත් සැකකරුවෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
මේ පිස්තෝලය 2015 වසරේදි එල්.ටී.ටී.ඊ. සැකකරුවෙක් සමග බදුල්ලේදී අත්අඩංගුවට ගත් පිස්තෝලයක් බවට හඳුනාගෙන තිබේ.
පාලිත ආරියවංශ/ප්‍රසාද් රුක්මාල්