නැගෙනහිර පළාතෙන් කොවිඩ් ආසාදිත සිසුන් හඳුනාගෙන ඇති බවත් කන්තලේ අධ්‍යාපන කලාපයට අයත් සිසුන් කීපදෙනෙකු දැනටමත් නිරෝධානය කර ඇති බවත් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවැසුවාය .
නිවේදනයක් නිකුත් කරමින් ඇය සඳහන් කරන්නේ නැගෙනහිර පළාතේ කන්තලේ, මහ ඔය හා දෙහිඅත්තකණ්ඩිය අධ්‍යාපන කලාපවල කොවිඩ් 19 පැතිර යෑමේ අවධානමක් ඇති බවයි.
මේ අනුව නැගෙනහිර පළාතේ සියලුම උපකාරක පන්ති නැවත දැනුම් දෙන තුරු පැවැත්වීම තහනම් කර තිබේ.