නැගෙනහිර පළාතේ පවතින ගැටලු හා සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් මෙතෝදිස්ත සභාවේ පූජක පියතුමන්ලා හා රජයේ නිලධාරීන් පිරිසක් අගමැති හමුවෙති.
නැගෙනහිර පළාතේ පවතින ගැටලු හා සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් මෙතෝදිස්ත සභාවේ පූජක පියතුමන්ලා හා රජයේ නිලධාරීන් පිරිසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමඟ අද ( 16) දින අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක නිරත වූහ.
නැගෙනහිර පළාතේ තිරුක්කෝවිල්, කල්මුණේ, අම්පාර යනාදී ප්‍රදේශයන් හි පාසල්, නිවාස, රෝහල්, ගමනාගමනය, අධ්‍යාපන යන ක්ෂේත්රයන් හි පවතින ගැටළු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.