නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස අසාත් සාලි මහතා පත්කිරීමට නියමිත බව වාර්තා වෙයි. කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයෙක්, කොළඹ නගර සභාවේ මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කර ඇති අසාත් සාලි මහතා පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කොළඹ මහ නගර සභා නගරාධිපති අපෙක්ෂක ලෙසද ඉදිරිපත් විය.
අද පස්වරුවේදී ඔහු සිය ධූරයට අදාළ පත්වීම් ලිපිය භාර ගැනීමට නියමිත බවද වාර්තා වෙයි. ජාතික සමගි පෙරමුණේ නිර්මාතෘ වන්නේද අසාත් සාලි මහතායි.