තම ප්රදේශයෙන් පිටව ගොස් සිටිය දී කොවිඩ් 19 හේතුවෙන් පැවතුණු ඇදිරි නීති තත්වයත් සමග තම නිවෙස් කරා පැමිණීමට නොහැකි ව අසරණ වී සිටින පිරිස් අතරින් නුගේගොඩ ප්රදේශයේ සිර වී සිටි කෑගල්ල ප්රදේශයේ පදිංචි කරුවන් විසි එක් දෙනෙකු තම නිවෙස් කරා යොමු කිරීමට කටයුතු කර තිබේ.
ඒ අනුව ලංගම බස් යොදවාගෙන ඔවුන්ව මුලින්ම කෑගල්ල පොලීසිය වෙත අද පෙරවරුවේ රැගෙන ආවේය. ඉන් අනතුරුව ඔවුන් නිවෙස් වෙත පිටත් කර හැරීමට නියමිතය.