කොරෝනා වෛරසය ආසාදිත පොලිස් නිලධාරියෙකුගේ සහෝදර ආශ්‍රිතයෙකු වූ පාසැල් ආරක්ෂක නිලධාරිවරයා පාසැලේ රාජකාරි කටයුතු කිරීම හේතුවෙන් නිකවැරටිය තුඹුල්ල මහා විද්‍යාලය තාවකාලිකව අද 10 දින වසා දැමීමට පියවර ගත් බව සෞඛ්‍ය අංශ සහ පාසැල් පාලන අධිකාරිය පැවසීය .
කොළඹ ප්‍රදේශයේ සේවය කර නිවසට පැමිණ සිටි පොලිස් නිලධාරීයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය වාර්ථා වලින් තහවුරු වී ඇති බවද ,ඔහුගේ වැඩිමහල් සහෝදරයා තුඹුල්ල මහා විද්‍යාලයේ රාත්‍රී ආරක්ෂක නිලධාරීයෙකු ලෙස පසුගිය දිනවල රාජකාරි කටයුතු කර තිබීම හේතුවෙන් පාසැල වසා දමා විෂබීජහරණය කිරීමට පියවර ගත් බව නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය .
කොබෙයිගනේ ප්‍රදේශයේ පදිංචි කොළඹ ප්‍රදේශයේ පොලිස් ස්ථානයක රැකියාවේ නියුතු ආසාදිත පොලිස් නිලධාරීයාගේ සහෝදරයා වන මෙම පාසැල් ආරක්ෂක නිලධාරීයා ඇතුලු පවුලේ සාමාජිකයන් නිරෝධායනයට ලක්කර ඇති බවද හෙට 11 දින පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීමට නියමිත බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය .
(නිකවැරටිය ප්‍රියාණි මංගලිකා)