මුහුදේදී සිදුවන ආපදා තත්ත්වයන්වලදී අනතුරට පත්වන ධීවරයන් කඩිනමින් බේරාගැනීම සඳහා ස්ථාන 05ක ආපදා ප්‍රතිචාර දැක්වීමේ මධ්‍යස්ථාන 05ක් ස්ථාපිත කිරීමට ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
ධීවර වරායන් කිහිපයක් නියෝජනය වන පරිදි මුහුදු වෙරළ ආසන්නයේ මෙම මධ්‍යස්ථාන 05 ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙන අතර, එම ස්ථාන 05 හඳුනාගැනීම සඳහා ධීවර අමාත්‍යාංශය විසින් වෙරළ තීරය පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කර ඇත.
නෝර්වේ හා ඔස්ට්‍රේලියාවේ ආධාර මත මෙම ස්ථාන 05 ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙන අතර, එම ස්ථානවලට මූලික අදියරේදී නවීන තාක්ෂණයෙන් යුත් පුද්ගලයන් බේරාගැනීමේ යාත්‍රා 02 බැගින් ලබාදීමටද සැලසුම් කර තිබේ.
මීට අමතරව අධිවේගී යාත්‍රා කිහිපයක් අනුයුක්ත කිරීමටද සැලසුම් කර තිබෙන අතර, නවීන තාක්ෂණය යොදාගෙන අදාළ ස්ථාන 05 එකට ඒකාබද්ධ කිරීමට හා යාත්‍රාවල සවිකර තිබෙන පණිවුඩ හුවමාරු සම්බන්ධ කිරීමටද සැලසුම් කර ඇත.
මේ අනුව යම් යාත්‍රාවක් අනතුරට පත්වූ බවට තොරතුරක් ලැබුණු වහාම ඒ පිළිබඳ වෙනත් බේරාගැනීම් අංශ දැනුවත් කරමින් අදාළ ස්ථානයට කඩිනමින් ළඟාවිය හැකි මධ්‍යස්ථානය තුළින් පළමුව අවශ්‍ය කටයුතු කිරීමටද සැලසුම් කර තිබේ.
මීට අමතරව යාත්‍රා ඇදගෙන පැමිණිය හැකි යාත්‍රා කිහිපයක්ද මෙම ස්ථානවල ස්ථානගත කිරීමට සැලසුම් කර තිබෙන අතර, ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත මධ්‍යස්ථාන ප්‍රමාණය වැඩි කිරීමට හා නවීන තාක්ෂණයෙන් යුතු යාත්‍රා ප්‍රමාණය ඉහළ දැමීමටද සැලසුම් කර තිබේ.
