ධිවර වරායන් ආශ්‍රිතව ශිතාගාර හා අයිස් නිෂ්පාදන කර්මාන්තශාලා ඉදිකෙරේ
ධිවර වරායන් ආශ්‍රිතව ශීතාගාර සහ අයිස් නිෂ්පාදන කර්මාන්ත ශාලා පහසුකම් කඩිනමින් සැලසීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසිය .
මෙම ශීතාගාර සහ අයිස් නිෂ්පාදන කර්මාන්ත ශාලා පහසුකම් සැලසීම පිළිබඳව මැලේසියානු සහ චීන නියෝජිත කණ්ඩායමක් සමඟ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සාකච්ජා කළේය .
ඒ අනුව මෙම මැලේසියානු සහ චීන ආධාර මත කලමැටිය ධීවර වරාය කේන්ද්‍ර කර ගනිමින් පළමු ශීතාගාර සහ අයිස් කර්මාන්ත ශාලාව ඉදිකිරීමට නියමිතය .
ලංකාවේ පළමු සුහුරු ධිවර වරාය ලෙස කලමැටිය ධිවර වරායේ සියලු පහසුකම් සැලසීමට පියවර ගෙන ඇත .
මෙම ශීතාගාර සහ අයිස් නිෂ්පාදන කර්මාන්ත ශාලා පහසුකම් සඳහා අවශ්‍ය විදුලි බලය සුර්ය බලයෙන් ලබාගැනීමට සැලසුම් කර ඇත.
මේ පිළිබඳව මැලේසියානු හා චීන නියෝජිත කණ්ඩායම සමඟ පැවති සාකච්ජාවේදී රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සඳහන් කළේ අදාළ කටයුතු පිළිබඳව ධිවර වරාය නීතිගත සංස්ථාව සමඟ අන්‍යෝන්‍ය සහයෝගයෙන් කටයුතු කිරීම මගින් ධිවර ජනතාවට වඩාත් හොද සේවයක් සැලසීමට හැකියාව ලැබෙනු ඇති බවය .
එබැවින් කඩිනමින් අදාළ සැලසුම් ඉදිරිපත් කර ධිවර ජනතාව දුක් මහන්සියෙන් ජිවිත පරදුවට තබා නෙළාගන්නා අස්වැන්න සුරක්ෂිතව ගබඩා කර තැබීමට කුඩා ශීතාගාර පහසුකම් සැලසීම මගින් ඔවුන්ගේ අස්වැන්නට නියම වටිනාකමක් ලබාදීමට හැකියාව ලැබෙන බවත් ඔහු සඳහන් කළේය .
කෂිනි හපුආරච්චි

popular news
-
Champa Wednesday, 13 March 2019 06:41 PM
Copycat වැඩක්. වහල් ආණ්ඩුව හැම එකට විදේශීය රටවල් ගාව ගන්නවා. මේවා රජයේ තනි අයිතියට තියෙන්න ඕනේ දේවල්. මෝඩ ආණ්ඩුව කිසි දෙයක් දේශීය ව්‍යාපාරිකයන්ට දෙන්නේ නැහැ. විදේශීය රටවල් වලට සුවිශේෂී වරප්‍රසාද දෙනවා. ඕක හරි යන්නේ නැහැ. ඒ මොකොද විදේශීය රටවල් ඕකට අත පොවන හින්ද. ඔය ගහන ගිවිසුම් ඔක්කොම අනාගතේ අහෝසි වෙනවා එක කාරණයක් උඩ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

