ඇමෙරිකා එක්සත් ජනපදය තුළ කොවිඩ්-19 වසංගතය පාලනය කරගත නොහැකි මට්ටමකට පැමිණි පසුබිමක ප්රකෝපකාරී වූ ඇමෙරිකානුවන් ධවල මන්දිරය ඉදිරිපිට අවමංගල පෙරහරක ස්වරූපයෙන් යුතු විරෝධතාවක් පවත්වා තිබේ.
ධවල මන්දිරයේ කොරෝනා ප්‍රතිචාරයට විරෝධය පළ කරමින්, එම විරෝධතාකරුවෝ වොෂිංටනයේ ධවල මන්දිරය ඉදිරිපිට මෙම සමච්චල් අවමංගල පෙරහර වේදිකාගත කළහ.
එහිදී මෝටර් රථ සිය ගණනක් එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිට වීථියේ සැරිසරමින්, නළා හඬවමින් ගමන් කළ අතර, විරෝධතාකරුවන් මළ සිරුරු බහාලන බෑග් එක පෙළට උද්‍යානයේ තබමින් අවමංගල පෙරහරක ස්වරූපය ධවල මන්දිරය ඉදිරිපිටට ගෙනැවිත් තිබුණි.
එහිදී ඇතැම් විරෝධතාකරුවන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විවේචනය කරමින් විරෝධතා පුවරු ඔසවාගෙන සිටි අතර, එහි එක් පුවරුවක සටහන් වූයේ, "එක් ජනාධිපතිවරයෙකුට සොහොන් කීයක් හාරා ගත හැකිද?" යන්නයි.
'වැලපීමේ දිනය' ලෙස නම් වූ මෙම විරෝධතාව සංවිධානය කර තිබුණේ, Center for Popular Democracy, MoveOn, Indivisible and Care in Action ඇතුළු ක්‍රියාකාරීන් සහ දේශපාලන ක්‍රියාකාරී කණ්ඩායම් විසිනි.