x press pearl නෞකාවේ ගින්නෙන් හානියට පත් වු ධීවර රැකියාවේ යෙදෙන පවුල් 10185කට අධික පිරිසකට දැනටමත් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ප්‍රකාශ කොට කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද රු.5000 දීමනාව මේ වන විට ගෙවා අවසන් කර ඇත.මේයින් ධිවර පවුල් 9883ක්ම ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් වන අතර ඉතිරි ප්‍රමාණය කොළඹ හා කළුතර දිස්ත්‍රික්කයන් වල පවුල් වේ. තවමත් කොළඹ සහ කළුතර ධිවර පවුල් වල සංගණනයන් නිසියාකාරව සිදු කර නොමැති බැවින් ඒවා හැකි ඉක්මනින් සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ධිවර දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සදහන් කරයි.