වසර ගණනාවක සිට පාඩු ලබමින් තිබු ලංකා ධිවර සංස්ථාව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දාගේ මගපෙන්වීම යටතේ ලාභ ලබන ආයතනයක් බවට පත්වී ඇත.
ලංකා ධීවර සංස්ථාවේ කළමණාකාර අධ්යක්ෂ ක්‍රිෂාන්ත රත්නවීර සමස්ථ රටම ආවරණය වන පරිදි ලංකා ධිවර සංස්ථා විධායකයන් 19 ක් පමණ ක්‍රියාත්මක වුවද ඉන් බහුතරයක් පාඩු ලබන තත්වයේ බසු වු බවයි.අප විසින් ධීවර සංස්ථාවේ රාජකාරි බාරගන්නා විට සංස්ථාවේ අභිවෘර්ධිය උදෙසා නිසි වැඩපිළිවලක් නොතිබූ අතර ඒ සම්බන්ධ නිසි ක්‍රමවේදයක් අනුගමනය කරීම තුළින් ඉතා කෙටි කලකින් විධායකයෙන් 19 න් 13 ක් ලාභ උපයන මට්ටමට පත් වී ඇති බවත්, අනික් විධායකයන් 5 ද ඉතා කෙටි කලකින් ලාභදායි මට්ටමට වර්ධනය කිරීම සදහා ක්‍රමවේද සකස් කර ඇති බව පවසා සිටි.
තවද පසුගිය රජය පැවති සමයේ ධීවර සංස්ථාවේ මාසික මසුන් අළෙවිය ටොන් 317 ක් පමණ විය. නමුත් අද වන විට මසුන් ටොන් 100 කින් එය ඉහල නන්වා ඇති අතර තවත් මසුන් ටොන් 100 කින් මාසික මත්ස්‍ය අළෙවිය ඉහල නැංවීමට කටයුත් කිරීම තුලින් අපගේ අළෙවි ඉලක්ක පසුකර යන බවය.දැනටමත් ශ්‍රී ලංකා පාර්ලිමෙන්තුව,සමුපකාර තොග වෙළෙද සංස්ථාව (ස.තො.ස) වරාය අධිකාරියට සහ රජයේ රෝහල් සදහාද මත්ස්‍ය අවශ්‍යතා සදහා අප සංස්ථාව විසින් මසුන් සපයන අතර සෙසු රාජ්‍ය ආයතන සදහාද ඉදිරියෙදි මත්ස්‍ය අවශ්‍යතා සපුරාලීමට කටයුතු කරන බවය.
ලංකා ධීවර සංස්ථාව පාඩු ලැබීමට හේතුවක් වු අතර මැදියන්ගේ මසුන් මිළදි ගැනීමේ ක්‍රමවේදයෙන් ඉවත් වී වත්මන් පාලන අධිකාරිය විසින් වැල්ලට ගොස් මත්ස්‍ය අස්වැන්න මිළදි ගැනීමට පියවර ගෙන ඇත.තවද වර්තමානය වන විට මසුන් බෙදා හැරීමේ කටයුතු පහසු කරගැනීම සදහා ලොරි රථ 05 ක් මීලදි ගැනීම ට අවශ්‍ය ටෙන්ඩර්පත් ද මේවන විට කැදවා ඇති අතර ජනතාවගේ පහසුව උදෙසා මසුන් මිළදී ගැනීමේ අළෙවිසැල් ජාලය පුළුල් කිරීම සදහා 87 වු මසුන් අළෙවිසැල් 98 ක් දක්වා වර්ධනය කර ඇත.මෙම වසර තුල මේ වන විට නව අළෙවි සැල් 11 පමණ විවෘත කර ඇත.තවද පැවති වෙළෙද සැල් සුපිරි වෙළෙද සැල් බවට නවීකරණය කිරීමට ද පියවර ගෙන ඇති අතර මෙතෙක් වසර ගණනාවකින් උසස් වීම් නොලැබුණු කාර්ය මංඩලයට අප කළමනාකාරිත්වය යටතේ උසස්වීමි ලබා දීමටද පිළිවෙලක් සකස් කර ඇත.
තවද කරවල ආනයනය මේ වන විට සීමා වී ඇති බැවීන් දේශීය කරවල නිෂ්පාදනය ධීවර සංස්ථාව මගින් සිදු කිරීම සදහා කරවල සැකසුම් ඒකකයක් ආරම්භ කිරීමටත් ඒ සදහා අවශ්‍ය වැකුම් යන්ත්‍රයක් රු.මිලියන 4 ක මුදලකට මිලදී ගැනීමට අදාල ප්‍රසම්පාදන කටයුතු ද මේ වන විට සිදු කරමින් පවතින බවත් මෙමගින් පාරිභෝගිකයාට ගුණාත්මක බවින් යුත් මසුන් සහනදායි මිල යටතේ ලබා ගැනීමට හැකිවන බවත් ප්‍රකාශ කලහ.
මේ අනුව වර්තමානය වන විට අප සංස්ථාව ලාභ ලබමින් පවතින බවත් ධිවර අමාත්‍යවරයාගේ මගපෙන්වීම හා අශීර්වාදය ලබා ගනිමින් සංස්ථාවේ ඉදිරි ගමන වෙනුවෙන් නව ක්‍රමවේද බොහෝමයක් ක්‍රියාවට නන්වමින් සිටින බවත්, එම ක්‍රම වේද සියල්ල යථාර්තයක් බවට පත් කිරීමට උපරිම කැපවීමෙන් ක්‍රියා කරන බවද ධීවර සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂක ක්‍රිෂාන්ත රත්නවීර පැවසීය.