සිංහල හා හින්දු අළුත් අවුරුද්දට ප්‍රථම සුළු පන්න ධිවර ජනතාවට සහන මල්ලක් සමග සහන සැලසීමේ කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසිය .
රාජ්‍ය අමාත්‍යතුමා අවධාරණය කලේ ඉදිරි සිවු මස ඉලක්ක කර මෙම සහන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කල යුතු බවය .
ධිවර අමාත්‍යංශයේ සමාජ සංවර්ධන අංශයේ ප්‍රධානින් , ධීවර දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානින් සහ ජාතික ධිවර මහා සම්මේලනයේ නියෝජිතයින් සමග ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී අද පැවතී සාකච්ජාවේදී රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මේ බව පැවසිය .
මෙහිදී ධීවර හා ජලජ සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල්වරයා විසින් ධිවර ජනතාව සඳහා කඩිනම් සහන සැලසීමට අදාළ යෝජනා 13 ක් ඇතුලත් යෝජනාවලියක් ඉදිරිපත් කළේය .
ඒ යටතේ ධීවර ජනතාවගේ නිවාස ඉදිකර ගැනීමට , ධීවර ආම්පන්න ලබා දීම , ධීවර කාන්තාව සවිබල ගැන්වීම සදහා ස්වයංරැකියා අත්වැලක් ලෙස ආධාර හා උපකරණ මෙන්ම පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඇතුලත් .
විව්ධ අනතුරුවලට ලක්වන ධීවර කාර්මිකයින්ට රක්ෂණ වන්දි ලබාගැනීමේ ගැටලුවට පිළිබදව වැඩි අවදානයක් යොමු කළ යුතු බව රාජ්‍ය අමාත්‍යතුමා මෙහිදී පෙන්වා දුන්නේය .
ඊට විසදුම් ලෙස යම් අනතුරකදී එම ධිවර පවුල් වල ජිවන තත්වය සහ පවුලේ බර සැහැල්ලු කිරීම සදහා ජීවනාධාර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටද මෙහිදී තීරණය වූ අතර ඒ අනුව කුඩා බෝට්ටු වල ධීවර රැකියාවේ නිරතව සිටියදී අනතුරකට ලක් වුව හොත් උපරිමය රුපියල් ලක්ෂ 05 දක්වාත් , බහුදින ධීවර යාත්‍රාවක් අනතුරකට ලක් වුව හොත් උපරිමය රුපියල් ලක්ෂ 10 දක්වාත් සහනාධාර මුදලක් ලබා දිමට නියමිතය .