ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට (20දා) සිය ධුරයෙන් ඉවත්ව යෑමට පෙර ජනවාරි 26දා සිට බලපැවැත්වෙන පරිදි යුරෝපයේ සහ බ්‍රසීලයේ බොහෝ ප්‍රදේශවලට පනවා ඇති කොරෝනා වෛරසය ආශ්රිත සංචරණ සීමා ඉවත් කරනු ඇතැයි ආරංචි මාර්ග පවසයි.
සඳුදා ධවල මන්දිරය නව විධායක නියෝගයක පාඨය නිකුත් කළ අතර එහි සඳහන් වන්නේ "ෂෙන්ගන් ප්‍රදේශය, එක්සත් රාජධානිය, අයර්ලන්ත සමූහාණ්ඩුව සහ බ්‍රසීල සම්මේලනයට අදාළ වන ප්‍රදේශවල සංචරණ සීමාවන් ඉවත් කරන ලෙස ලේකම්වරයා මට උපදෙස් දී ඇති අතර, මහජන චීන සමූහාණ්ඩුවට සහ ඉරාන ඉස්ලාමීය ජනරජයට අදාළ සීමාවන් එලෙසම පවතීවි. ලේකම්වරයා සමඟ මම එකඟ වන අතර, මෙම ක්‍රියාව ඇමෙරිකානුවන් කොවිඩ්-19 වලින් ආරක්ෂා කර ගැනීම සඳහා හොඳම ක්‍රමය වෙනවා මෙන්ම, සංචාරය නැවත ආරක්ෂිතව ආරම්භ කිරීමට හැකි වෙනවා" යනුවෙනි.
කෙසේ වෙතත්, ඉදිරියේදී දිවුරුම් දෙන එක්සත් ජනපද නව ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනය පවසන්නේ එම නියෝගය ක්‍රියාත්මක නොකරන බවයි.
ඉදිරි ජනාධිපතිවරයාගේ ධවල මන්දිර මාධ්‍ය ලේකම් ජෙන් සාකි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා තිබුණේ, "වසංගතය නරක අතට හැරෙමින් පවතිනවා. ලොව පුරා වේගයෙන් බෝවන වෛරසය ප්රභේදයන් මතුවෙමින් පවතින හෙයින්, ජාත්‍යන්තර සංචරණය සඳහා ඇති සීමාවන් ඉවත් කිරීමට මෙය කාලය නොවෙයි." යනුවෙනි.