රාජ්‍ය අමාත්‍යධූරවලින් ඉල්ලා අස්වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මොහෙමඞ් කාසිම් මොහොමඞ් ෆයිසාල් සහ අලි සහීර් මවුලානා සෙයිඩ් යන මහත්වරුන් අද (23) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ නැවත රාජ්‍ය අමාත්‍යධූරයන්හි දිවුරුම් දුන්හ.
ඒ අනුව මොහොමඞ් කාසිම් මොහොමඞ් ෆයිසාල් මහතා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත්,
අලි සහීර් මවුලානා සෙයිඞ් මහතා, ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත්
ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.