තමාගේ පාලන කාලය තුළදී ධනවාදී විවෘත ආර්ථික ක්‍රමයෙන් ආදායම් උපදවාගෙන සමාජවාදී ක්‍රමයට වියදම් කරන බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (28දා) පැවසීය.
සුභසාධන රාජ්‍යය ශක්තිමත් කළ හැකි වන්නේ ධනය උත්පාදනය කිරීමෙන් පමණක් බවත්, ඒ සඳහා වෙළෙඳ පොළ ක්‍රමය යොදාගැනීමේ වරදක් නොමැති බවත් ඇමතිවරයා සඳහන් කළේය.
එක් කොට්ඨාසයකට පමණක් ආදායම බෙදීයාමේ ක්‍රමය වෙනස් කර සියලු රටවැසියන් එකතු කරගත් සමාජ ආර්ථික ක්‍රමයක් නිර්මාණය කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
‘ෆැසිස්ට් ආඥා දායකත්වය පරාජය කරමු‘ මැයෙන් වමේ සහයෝගිතා එකමුතුව කොළඹ නව නගර ශාලාවේ සංවිධානය කර තිබූ වාම සහයෝගීතා සමුළුව අමතමින් හෙතෙම මේ බව පවසා සිටියේය.