Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
රටේ හෝ පක්ෂයක නාකත්වයට පුද්ගලයන් තෝරා ගැනීමේදී පරම්පරාව හා ධනවත් බව වැනි සාධක සළකා බැලිය යුතු බවත් ධනවත් නොවන අය නායකත්වයට පත්වූ විට විවිධ ගැටලු ඇතිවන බවත් සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වේඩරුවේ උපාලි හිමියෝ ප්‍රකාශ කළහ.
රටටත් ජාතියටත් හොඳ නායකත්වයක් ඉදිරියේදි තෝරා ගැනිමට ජනතාවට අවස්ථාව හිමිවන බවත් ඒ සඳහා බුද්ධිමත්ව සිතා කටයුතු කළ යුතු බවත් එම ඉලක්කය වැරදුණහොත් එය සිංහල බෞද්ධයාගේ අනාගතය ගැන අවදානමක් ඇති වන බවත් උන්වහන්සේ සඳහන් කළහ.
ඊයේ (17දා) මාතලේ විහාර පාර ශ්‍රි විද්‍යානන්ද මහ පිරිවෙන් විහාරාධිපති, රජරට විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඔලගන්වත්තේ චන්දසිරි හිමිපාණන් වහනසේ වෙත ශ්‍රි ලංකා අමරපුර මහා නිකායේ අරියවංශ සද්ධම්ම යුක්තික පාර්ශවයේ මාතලේ මහ දිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය පිරිනැමිමේ උත්සව සභාවේ අනුශාසනාවක් සිදු කරමිනි.
“ගිහි පැවදි අපි හැමෝටම අනාගතයේදි නායකයින් තෝරා ගැනිමේ අවස්ථාවක් එනවා. අපිට තිබෙන්නේ ඒ සඳහා අනුශාසනා කිරිමයි. පුද්ගල නායකත්වයක් නොවයි බුදුන් වහන්සේ අපෙක්ෂා කළේ. ප්‍රතිපත්ති නායකත්වයක්.
ඒ නිසා ඔබ සියලු දෙනාම බුද්ධිමත්ව ප්‍රවේශම්ව කල්පනා කරන්න. පුද්ගල නායකයෝ පසුපස හඹා යැමේදි ප්‍රවේශම් වෙන්න ඕන. ඒ අයගේ ප්‍රතිපත්තිය පිළිබඳව නායක්තවය තබාගෙන කටයුතු කිරිම ඒ සඳහා වැදගත්. අපට භික්ෂූන් වහන්සේලා ලෙස පුද්ගලයින් නම් කරන්න බැහැ. නමුත් මග පැදිමට පුළුවන්.
රටේ හෝ පක්ෂයක නායකත්වයට තෝරා ගැනිමේදි බාහිර ලක්ෂණ මෙන්ම අනෙකුත් දේවල් තිබිය යුතුයි. පරම්පරාව, ධනවත් විය යුතුයි. ධනවත් නොවන අය පාලනයට ආවම වෙන වෙන ගැටලු ඇති වෙනවා.ඒ වගේම පෙනුමක් තියෙන්න ඕන."
රත්තොට රුවන් ධනංජය
popular news
atul Sunday, 18 August 2019 05:45 PM
තවත් වහල් කතාවක්. තමුන් කැමති කෙනාට තර්ජනයක් වෙනකොට අමුතුම ධර්ම දේශනා වදාරන රටක් මේක. අපේ රටට හෙන ගහල තියෙන්නේ අපේ සඟ සමාජයේ දේශපාලන ගැතිකම් නිසා. හාමුදුරුවනේ, මෙදා පාර ඔබවහන්සේලගේ දේශනාවලට මිනිස්සු අහුම්කන්දෙන පාටක් නෑ වගේ මටනම් පෙනෙන්නේ.
Reply : 0 1
atul Sunday, 18 August 2019 05:57 PM
"රටේ හෝ පක්ෂයක නායකත්වයට තෝරා ගැනිමේදි බාහිර ලක්ෂණ මෙන්ම අනෙකුත් දේවල් තිබිය යුතුයි. පරම්පරාව, ධනවත් විය යුතුයි. ධනවත් නොවන අය පාලනයට ආවම වෙන වෙන ගැටලු ඇති වෙනවා.ඒ වගේම පෙනුමක් තියෙන්න ඕන." හාමුදුරුවනේ එහෙම ගැටළු ඇති උන උදාහරණයක් දෙකක් කියන්න පුලුවන්ද. ධනවත් කමයි පෙනුමයි නම් දුමින්ද සිල්වාත් හොදයිනේ. ඔය ඔක්කොම තියෙන පිස්සෙක් උනත් කමක් නැද්ද ?
Reply : 0 1
Champa Sunday, 18 August 2019 06:59 PM
මොනවා? කෝ සමානාත්මතාවය, ප්රජාතන්ත්රවාදය සහ සාධාරණත්වය? මේ රටේ සියලු අයිතිවාසිකම් තියෙන්නේ ධනවතුන්ට සහ නමගිය පරම්පරාවල් තියෙන මිනිස්සුන්ට විතරද? හාමුදුරුවනේ, වහල් දේශපාලනයෙන් සහ ධනයෙන් අන්ධ වූ ඇස ඇර බලන්න. අවුරුදු 71ක් තිස්සේ මේ රටේ නායකත්වයට පත් වුනේ ඔය කියන විදිහේ පරම්පරාවල් තියෙන ධනවත් නායකයෝ තමයි. කරන තරමක් වැරදි, අල්ලස් ගැනීම්, කොමිස් ගැහිලි, හොරකම්, රාජ්‍ය ධනය අයථා ලෙස පරිහරණය කිරීම්, විදේශ බැංකුවල මුදල් තැන්පත් කිරීම, විදේශ රටවල දේපල ගැනීම්, මහජන ධනය තම සුඛ විහරණය සඳහා යෙදවීම්, තම මඩිය තරකර ගැනීම් ඇතුළු සියලු ජනතා විරෝධී, රාජ්‍ය විරෝධී, නීති විරෝධී වැඩ කලේ ඔය කියන පරම්පරාවල් තියෙන ධනවත් දේශපාලකයන තමයි. ලංකාවේ ඊළඟ නායකයා 10%ක් වූ ධනපති පන්තිය නියෝජනය කරන, නමගිය පරම්පරාවක් තියෙන ධනවතෙක් නෙමෙයි, 90%ක් වූ සාමාන්‍ය පන්තිය නියෝජනය කරන, මුදලට මුල් තැන නොදෙන, සාමාන්‍ය මිනිහෙක් වෙන්න ඕනේ. එතකොට ඔය හොරකම් වංචා කොමිස් ඔක්කොම නවතිනවා. බුදුරජාණන්වහන්සේ දේශනා කල ධර්මයට සම්පූරණයෙන්ම විරුද්ධ මේ කතාව ඉතාම පිළිකුලෙන් හෙලා දකිනවා. කිසි මිනිහෙක්ට තමන් උපදින තැන කලින් තීරණය කරන්න බැරි බව අමතකද?
Reply : 0 0
චමින්ද Sunday, 18 August 2019 07:21 PM
ඔබ වහන්සේගේ අදහස නිවැරදියි කියල හිතෙනවා.මගේ හිතවත් ඉහල තනතුරක සිටි විශ්‍රාමික මහත්මයෙක් නිතර අසනීප වෙනනිසා දිගින් දිගටම වෛද්‍ය පරීක්ෂණ කරගන්නා බවත් ඒවාට විශාල වියදමක් වන බවත් පැවසූ අතර මෑතකදී එතුමාට හමුවූ බෝධිසත්ව ගුණැති වෛද්‍යවරයෙක් මෙම පරීක්ෂණ සඳහා කරන අයකිරීම් ඉතා අසාධාරණ බවත් පවසා ඇත.මෙනිසා වෛද්‍යවරයා සමග හිතවත්වූ මගේ හිතවතාට පවසා ඇත්තේ මට ඕනෑ තරම් මුදල් තියෙනවා.එනිසා මම රෝගීන් සූරාකෑමට කැමති නැහැ කියාය.(මෙම වෛද්‍යතුමා පත්වීම් ලැබෙනතුරු පුහුණුවට පුද්ගලික වෛද්‍ය ආයතනයක සේවය කර ඇත සිදුවීම එම කාලයේ සිදුවීමකි ) මෙම මා ඇසූ කථාව නායක හිමියන්ගේ අදහස නිවැරදි බව පෙන්වීමට ඉදිරිපත් කිරීමකි.
Reply : 2 0
Chathuri Tuesday, 20 August 2019 02:57 AM
වෙලේ සුදා , මුස්ලිම් නායකයින්. මේ සැවොම සුදුසුය් මහින්ද ඇතුළු නඩේ පොහොසත් වුනේ දේශ පාලනය කරන්න ආවට පස්සේ. ,බඩ කට දෙකම හොඳට වැඩ කරන්නෙත් දේශපාලනයේදී පමණයි , හාමුදුරුවෝ කියන විදියට. දුප්පත් මිනිසාගේ දේවල් සුරකමින් පොහොසත් වුන නඩේ ඕන තරම් ඉන්නවා
Reply : 0 0
Egodaha yanno Wednesday, 21 August 2019 11:01 PM
Chooditha ayata electionwalala Anna EPA keeps nayaka hamuduruwanma den rehema ayata nool geta gahanawa(Cardinal thumala nam straight).
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd