දොලොස් හැවිරිදි පාසල් ශිෂයාවට අතවර කළ සෙබලා රිමාන්ඩ්
නිවසේ සිටින දඩු ලේනෙකු පෙන්වන්න යයි පසවමින් සිය නිවසට ගෙන ගොස් දොලොස් හැවිරිදි පාසල් දැරිවියකට ලිංගික අතවර කර ඇතැයි කියමින් මීටියාගොඩ පොලීසිය විසින් සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නිවාඩු ලබා ආ යුධ හමුදා සෙබලෙකු සැප්තම්බර් මස 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලපිටිය වැඩබලන මහේස්ත්‍රාත් ලූෂාන් වඩුතන්ත්‍රි මහතා අද (5 ) පස්වරුවේදි නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ පැරැලිය තෙල්වත්ත මිදිගස්තුඩුව පදිංචි දෙදරු පියෙකු වන මුලතිව් යූධ හමුදා කදවුරේ සේවය කරන සෙබලකු වන මානගේ නිශාන්ත නමැත්තාය.
පැරැලිය තෙල්වත්ත දියබෙටිය පදිංචි දොලොස් හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් සිය නිවස අසල ඇති වෙලද සලෙන් පාසලේ වැඩකට අවශ්‍ය ඒ 4 කොල රැගෙන එමින් සිටියදි මග සිටි සැකකාර මේ සෙබලා දැරියගේ අතින් අල්ලාගෙන නිවසේ සිටින දඩු ලේනා පෙන්වීමට යයි කියමින් ඇය සිය නිවසට රැගෙන ගොස් අතවර කර ඇති බවත් ඒ අවස්ථාවේදි ඔහුගේ නිවසේ අය නොසිටි බවත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මීටියාගොඩ පොලීසිය කියයි.
මේ දැරිවියගේ දෙමාපියන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සෙබලා ඊයේ(4 ) ඔහුගේ නිවසේ සිටියදි සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත

popular news
-
samson de silva Sunday, 06 September 2020 09:09 AM
Meka boruwak. Apey ranawiruwanta apahaasa karanna epaa. Yuddhaya kaalayedi uthure demala tharuniyanwa dooshanaya keruwaa kiyana boruwa wagema boruwak meka. Apey ranawiruwanta budu saranai.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

