දේශීය සාම්ප්‍රදායික ඖෂධ පිළිබද ඉල්ලුමක් පවතින බවත්,විදේශ විනිමය ලබාගැනීමට වැඩපිළිවෙලක් වෙනුවෙන් දේශීය වෛද්‍ය අමාත්‍යංශය ගමන් කරන බවත්, දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (11) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ”කොවිඩ් 19 වසංගතයට දේශීය වෛද්‍ය ප්‍රතිකාර ”පිළිබඳව දැනුවත් කිරීමට පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
ආයුර්වේද දෙපාර්තමේන්තුව අනුමත අපගේ දේශීය ඖෂධ රාශියක් සහ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුව විසින් අනුමත කළ පාරම්පරික වෛද්‍යවරුන් ඉදිරිපත් කළ ඖෂධ 14කට වැඩි ප්‍රමාණයක් තිබෙන බවත් මෙරටින් වාර්තා වූ පළමු කොවිඩ් රෝගියා සුවය ලබා රෝහලෙන් එළියට විත් ඔහු දේශීය චිකිත්සක ක්‍රම අනුගමනය කළ බව පැවසීය.
මෙම ඖෂධ වර්ග සමඟ ”සුව චර්යා” සෞඛ්‍ය වැඩසටහන මේ වන විට පළාත් මට්ටමින් දිස්ත්‍රික්ක මට්ටමින් සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් අරඹා ඇතැයිද, නිවෙස්වල ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් සදහා සුවධරණී සුව තොරතුරු සේවාව අරඹා ඇති අතර ඔවුන්ට වෛද්‍ය උපදෙස් ලබාදීම සහ නිවැරදි මඟපෙන්වීම සඳහා ප්‍රජා වෛද්‍ය සේවය ශක්තිමත් කරමින් ඊට ලේඛණයක් පිළියෙල කර මෙහෙයුම් කාර්යාලයක් අරඹා සෑම දිස්ත්‍රික්කයකටම දුරකතන අංක සහිතව ප්‍රජා වෛද්‍ය නිලධාරීන් සම්බන්ධ කා තොරතුරු ප්‍රකාශයට පත්කර ඇතැයිද අමාත්‍යවරයා පැවසීය.