හිඟුරක්ගොඩ පිංපාර ප්‍රදේශයේදි ඊයේ (17) දින පස්වරු 7.00ට පමණ දේශපාලන පක්ෂ දෙකක දෙපිරිසක් අතර ඇති වු ගැටුමකදි පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා හිඟුරක්ගොඩ රෝහලට ඇතුලත් කල බව හිඟුරක්ගොඩ පොලීසිය පවසයි.
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ලැබු ජයග්‍රාහණය වෙනුවෙන් කිරි ඉතිරිම සදහා සුදානම් වෙමින් සිටිය දි එක්සත් ජාතික පක්ෂයට අයත් පිරිසක් මෙම පිරිසට පහර දිම සිදු කල බව පහර කැමැට ලක් වු පිරිස පවසති.
මෙම පහර දිම හේතුවෙන් පස් දෙනෙකු තුවාල ලබා හිඟුරක්ගොඩ රෝහලට ඇතුලත් කිරිමෙන් පසු එම රෝගින්ගෙන් සිවු දෙනෙකු පොළොන්නරුව මහ රෝහල වෙත වැඩිදුර ප්‍රතිකාර සදහා යවා ඇති අතර එක් අයෙකු හිඟුරක්ගොඩ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබයි.
පහරදිම හේතුවෙන් ත්‍රිවිල් රථයකට ද අලාභ හානි සිදු කර ඇති අතර මෙම පහරදිම සම්බන්ධයෙන් පුද්ගලයින් අත්අඩංගුවට ගැනිම සදහා හිඟුරක්ගොඩ පොලීසිය පරික්ෂණ පවත්වයි.
කෙසේ නමුත් පොළොන්නරුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ පි ධමිමික විරසේකර මහතාගේ උදෙස් පරිදි හිඟුරක්ගොඩ පොලිස්ථානයේ ප්‍රධාන පොලිස් පරික්ෂක මහින්ද වෛද්‍යතිලක මහතාගේ මෙහෙය විමෙන් පොලිස් කණ්ඩායමක් පරික්ෂණ ආරම්භ කර තිබේ .
