දේශපාලනය යනු චෙස් ක්රීඩාවටත් වඩා වැඩි දෙයක් බවත් එය ක්රිකට් ක්රීඩාව මෙන් කණ්ඩායම් ක්රියාවක් බවත් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පවසයි.
ඔහු මීට පෙර පෞද්ගලික රූපවාහිනී නාළිකාවක් සමග කළ වැඩසටහනකදී පැවැදූ දෙයක් සිය ට්විටර් ගිණුමෙන් යළිත් වරක් ප්රකාශ කරමින් ඔහු මේ බව පවසයි.
මේ එම ප්රකාශයයි.
“දේශපාලනය කියන්නේ චෙස් ක්රීඩාවට වැඩි දෙයක්. ඒක ක්රිකට් ක්රීඩාව වගේ කණ්ඩායම් ක්රියාවක්. මේ සඳහා ඔබට මැරතන් ක්රීඩාවේ මෙන් සවිබලයක් ඕන. ඒ වගේම ඔබ මතක තබා ගත යුතුයි ඒක රගර් ක්රීඩාව වගේ අමාරු ක්රීඩාවක්. ඒ වගේම ඒක බොක්සිං වගේ ලේ වැගිරෙන ක්රීඩාවක්”